September 22, 2026

‘ගෝඨා ගෝ ගම’ අරගල භූමියට පහරදීමේ සිද්ධියට අදාළ නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් 20 දෙනකුට එරෙහිව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිචෝදනා පත්‍ර භාරදීමට නියමිතව ඇත.

නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ අධිචෝදනා 328 ක් යටතේ මෙම අධිචෝදනා පත්‍ර ගොනුකරන බවයි.

‘ගෝඨා ගෝ ගම’ ප්‍රහාරයේදී පුද්ගලයන් 56 දෙනකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන්ද අධිචෝදනා ඉදිරිපත් කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.