
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ධවල මන්දිර පරිශ්‍රයට ඇතුළු වීම තහනම් කිරීමට පියවර ගැනීමෙන් එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධනය මගින් සහතික කර ඇති භාෂණයේ නිදහස සහ මාධ්‍ය නිදහස උල්ලංඝනය වී ඇති බව පවසමින් CNN, MS NOW සහ Politico යන පුවත් සේවා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ඔහුගේ පාලන අධිකාරියේ සාමාජිකයින්ට එරෙහිව නඩු පවරා තිබේ.
ට්‍රම්ප්ගේ මෙම පියවර අත්හිටුවීම සඳහා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පුවත් ආයතන වොෂින්ටන් ඩී.සී. හි ෆෙඩරල් අධිකරණයෙන් ඉල්ලා සිටින අතර, මේ පිළිබඳ හදිසි නඩු විභාගයක් මෙම සතියේදී පැවැත්වීමට ඉඩ ඇත.
“මෙයට එරෙහිව පියවර නොගතහොත්, එය මාධ්‍ය නිදහසට මෙන්ම රජයේ බලපෑම්වලින් තොර ස්වාධීන මාධ්‍යවේදයක් සඳහා වූ මහජන අයිතියට දැඩි තර්ජනයක් වේ. මාධ්‍ය විසින් වාර්තා කළ යුතු හෝ ප්‍රකාශයට පත් කළ යුතු දේ තීරණය කරන්නේ රජය නොවේ,” යනුවෙන් එම මාධ්‍ය ආයතන එකමුතුව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක දැක්වේ.
ජනාධිපති ට්‍රම්ප් පසුගිය සිකුරාදා සමාජ මාධ්‍ය සටහනක් තබමින් මෙම තහනම ප්‍රකාශයට පත් කළ අතර, තොරතුරු මාධ්‍ය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට කිසිදු සාක්ෂියකින් තොරව චෝදනා කරමින් සඳුදා තැබූ තවත් සටහනකින් සිය තීරණය සාධාරණීකරණය කළේය.
“ධවල මන්දිරය මගින් මා බෙහෙවින් අගය කරන නිදහස් මාධ්‍යයට එරෙහිව ප්‍රහාරයක් එල්ල කරන්නේ නැත. එය එල්ල කරන්නේ ‘ව්‍යාජ පුවත්’වලට (FAKE NEWS) එරෙහිවයි. එය අපගේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අතර, එය වහාම නතර කළ යුතුය!” යනුවෙන් ට්‍රම්ප් එහි සටහන් කර තිබිණි.
අතීත ජනාධිපතිවරුන් ද මාධ්‍ය සමඟ ගැටුම් ඇති කරගෙන තිබුණද, ට්‍රම්ප් මාධ්‍යයට එරෙහිව ගෙන යන මෙම ප්‍රචාරණය නියමිත සීමාවන් ඉක්මවා ගිය එකකි.
ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන රැසකට මූලික මාධ්‍ය ප්‍රවේශය අහිමි කිරීම, මාධ්‍යවේදීන්ගේ වාර්තාකරණයන් ඉලක්ක කරගනිමින් ඔවුන්ට පෞද්ගලිකව වාග් ප්‍රහාර එල්ල කිරීම සහ තමන්ගේ පාලනයට හිතවත් යැයි සැලකෙන නව මාධ්‍ය ආයතන ඉහළ නැංවීම මගින් ඔහු දශක ගණනාවක් පැවති සම්ප්‍රදායන් උඩුයටිකුරු කර ඇත. මීට අමතරව ඔහු මාධ්‍ය ආයතන කිහිපයකට එරෙහිව නඩු ද පවරා තිබේ.
ධවල මන්දිරයේ ප්‍රධාන රූපවාහිනී මාධ්‍ය එකමුතුව නියෝජනය කරන ප්‍රධාන මාධ්‍ය ආයතන පහෙන් එකක් වන්නේ සී.එන්.එන්. ආයතනයයි (අනෙක් ආයතන වන්නේ ABC, CBS, Fox News සහ NBC ය). ජනාධිපතිවරයාගේ පුවත් වාර්තාකරණයේ වියදම් එකිනෙකා අතර බෙදාගැනීම, වාරයන් අනුව සංවිධානය වීම සහ රට පුරා පිහිටි අනෙකුත් මාධ්‍ය ආයතන සමඟ දර්ශන හුවමාරු කරගැනීම සිදුකරන්නේ මෙම මාධ්‍ය එකමුතුව මගිනි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart