
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාකිස්තාන හමුදාව විසින් ඇෆ්ගනිස්ථානයේ කුනාර් සහ පක්ටිකා ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර, ඇෆ්ගනිස්ථානයේ ස්වෛරීභාවයට එල්ල වූ බරපතල තර්ජනයක් ලෙස හිටපු ඇෆ්ගන් ජනාධිපති හමීඩ් කර්සායි විසින් දැඩි ලෙස හෙළාදකිනු ලැබ ඇත.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිතක්ෂයට පත් වූවන්ගේ පවුල් වෙත තම සානුකම්පිත ශෝකය පළ කළ හිටපු ජනාධිපතිවරයා, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.
පාකිස්තානය තුළ දැනට පවතින අභ්‍යන්තර ආරක්ෂක ගැටලුවලට ප්‍රධාන හේතුව ඇෆ්ගනිස්ථානය කෙරෙහි ඔවුන් අනුගමනය කරන අසාර්ථක ප්‍රතිපත්ති බව පෙන්වා දුන් ඔහු, යහපත් අසල්වැසි සබඳතාවන්ට හානියක් නොවන පරිදි සිය විදේශ ප්‍රතිපත්තිය නැවත සලකා බලන ලෙස ඉස්ලාමාබාද් පාලනයෙන් ඉල්ලා සිටියේය.
මෙම ගුවන් බෝම්බ හෙලීම්වලින් සාමාන්‍ය වැසියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව ඇෆ්ගන් නිලධාරීන් විසින් තහවුරු කිරීමෙන් අනතුරුව කර්සායි මෙම ප්‍රකාශය සිදුකර ඇත.
සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, අපගේ ජනතාව ඝාතනයට හා තුවාල ලැබීමට හේතු වූ මෙම පාකිස්තාන හමුදා ක්‍රියාමාර්ගය රටේ ස්වෛරීභාවය සෘජුවම උල්ලංඝනය කිරීමක් බැවින් එය කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart