
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තලවාකැලේ, වෝල්ට්‍රිම් වත්තේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (21) එල්ල වූ හදිසි බඹර ප්‍රහාරයකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 7 දෙනෙකු තුවාල ලබා තිබේ.
පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ තේ වත්තේ ගසක තිබූ බඹර කූඩයක් ඇවිස්සීම හේතුවෙන් මෙම අනපේක්ෂිත බඹර ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තා වේ.
ප්‍රහාරයට ලක්වූ කම්කරුවන් 8 දෙනාම එම අවස්ථාවේ වතුයායේ සේවයේ නිරතව සිට ඇත.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ වෝල්ට්‍රිම් වත්තේ ලෙන් තෝමස් කොටසේ පදිංචිව සිටි 77 හැවිරිදි පුද්ගලයෙකි.
බඹර ඇනුම් කෑමෙන් තුවාල ලැබූ අනෙක් කම්කරුවන් 7 දෙනා වහාම ලිඳුල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, එහිදී ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ඔවුන් රෝහලෙන් පිටව ගොස් තිබේ.
සිද්ධියෙන් මියගිය පුද්ගලයාගේ මෘතශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මළසිරුර නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමුකර ඇති බව ලිඳුල පොලිසිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart