
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞදි අරාබියේදී මරණ දණ්ඩනයට මුහුණ දී සිටින අනෝජන් සිවරාසා නමැති ශ්‍රී ලංකික තරුණයා කඩිනමින් නිදහස් කරගැනීම සඳහා දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී විරෝධතා සහ පෙත්සම් අත්සන් තැබීමේ ව්‍යාපාර ක්‍රියාත්මක කර තිබේ.
හැටන් නගරයේ මල්ලියප්පු හන්දියේදී විශේෂ විරෝධතාවක් පවත්වා ඇති අතර, අනෝජන්ගේ උපන් නගරය වන අම්පාර නට්පිඩිමුනෙයි ප්‍රදේශයේදී පෙත්සම් අත්සන් තැබීමේ ව්‍යාපාරයක් ද දියත් කර ඇත.
මෙම තරුණයා නිදහස් කරගැනීම සඳහා රජය මඟින් සුදුසු රාජ්‍යතාන්ත්‍රික පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින මෙම අත්සන් සහිත පෙත්සම ඉදිරියේදී විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත නිල වශයෙන් භාරදීමට නියමිත බව විරෝධතා සංවිධායකයන් විසින් පවසා තිබේ.
සෞදි අරාබියේ රැකියාවක නියුතු ව සිටියදී අනෝජන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළකරන ලද අදහසක්, ඉස්ලාම් දහමට සහ මුහම්මද් නබිතුමාට අපහාසයක් ලෙස සැලකීම මෙම බරපතල තත්ත්වයට මුල් වී ඇත.
ශ්‍රී ලංකාවේ ආගමික ප්‍රජාවන් සම්බන්ධයෙන් අන්තර්ජාලය තුළ ඇති වූ මතභේදකාරී තත්ත්වයක් අතරතුර මෙම අදහස පළකළ බව ඔහුගේ පවුලේ සාමාජිකයින් සඳහන් කර ඇත.
පසුගිය ජූලි 15 වැනි දින සෞදි අධිකරණයක් විසින් ඔහුට මුලින් වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම කර තිබිණි.
ඔහුගේ නීතිඥවරයා, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දායකත්වයෙන් එම දඬුවම අඩු කරගැනීම සඳහා අභියාචනා ඉදිරිපත් කළද, පසුව එම සිරදඬුවම මරණ දණ්ඩනය දක්වා ඉහළ නංවා ඇති බව පවුලේ අය වෙත දැනුම් දී ඇත.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් රැසක් රජයේ දැඩි අවධානය යොමුකරමින්, අනෝජන් මුදාගැනීම සඳහා කඩිනමින් රාජ්‍තාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන ලෙස ඉල්ලා ඇත.
කෙසේවෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජය විසින් දැනටමත් අවශ්‍ය වන මූලික පියවර ගෙන ඇති බව රජයේ බලධාරීන් නිවේදනය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart