
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2024 ජනාධිපතිවරණයෙන් පසු වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් රජය බලයට පත්වී අදට (21) වසර දෙකක් සම්පූර්ණ වේ.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක 2024 සැප්තැම්බර් 21 වැනි දින පැවැති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර මෙරට නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන ලදී.
එම මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඡන්ද 5,634,915 ක් (42.31%) ලබාගත් අතර, සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඡන්ද 4,363,035 ක් ලබාගන්නා ලදී.
පළමු මනාප ගණන් කිරීමේදී කිසිදු අපේක්ෂකයකු 50% කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගත් බැවින්, දෙවන මනාප ඡන්ද ගණන් කිරීමට සිදුවිය.
එහිදී දෙවන මනාප ඡන්ද එකතු කිරීමෙන් අනතුරුව, සමස්ත ඡන්ද 5,740,179 ක් ලබා ගනිමින් අනුර කුමාර දිසානායක නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.
අනතුරුව 2024 නොවැම්බර් මස පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ආසන 159 ක බහුතරයක් දිනා ගැනීමට ජාතික ජන බලවේගය සමත් වූ අතර, එය රට තුළ ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට මඟ පෑදිණි.
වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් සපිරීම නිමිත්තෙන්, ශක්තිමත් වසර දෙකක් – සැමට ප්‍රගතියක් යන තේමාව යටතේ දිවයින පුරා ජන රැළි මාලාවක් සංවිධානය කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජන රැළි මාලාව ගත වූ වසර දෙක තුළ රට ලබාගත් ජයග්‍රහණ, ක්‍රියාත්මක කරන ලද සංවර්ධන වැඩසටහන් මෙන්ම ඉදිරි අනාගත දැක්ම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අරමුණු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart