September 21, 2026

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීම සඳහා යළිත් වතාවක් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් සෙයිද් අල්හුසෙන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමේ සිද්ධියක සැකකරු වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද අධිකරණයේ පෙනීනොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙලෙස වරෙන්තු නිකුත් කළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබිණි.