
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලබන සතියේ පැවැත්වීමට නියමිත විරෝධතා පාගමනට පෙර, පකිස්ථානයේ බන්ධනාගාරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සහෝදරියක වන අලීමා ඛාන් අත්අඩංගුවට ගැනීමට පකිස්ථාන බලධාරීන් පියවර ගෙන තිබේ.
ලාහෝර් හිදී අත්අඩංගුවට ගන්නා ලද අලීමා ඛාන්, කොට් ලක්පට් බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇති බව වාර්තා වේ.
2023 වසරේ සිට බන්ධනාගාරගත කර සිටින 73 හැවිරිදි ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා ඇය සක්‍රීයව හඬ නැඟූ තැනැත්තියකි.
මහජන සාමයට තර්ජනයක් යැයි සැලකෙන ඕනෑම අයෙකු අත්අඩංගුවට ගැනීමට ප්‍රාදේශීය පොලිසියට බලය ලබා දෙන ‘1960 පන්ජාබ් මහජන සාමය පවත්වාගෙන යාමේ ආඥාපනත යටතේ ලාහෝර් නියෝජ්‍ය කොමසාරිස් මුහම්මද් අලි ඉජාස් විසින් දින 30ක කාලයක් සඳහා මෙම රඳවා ගැනීමේ නියෝගය නිකුත් කරන ලදී.
ලාහෝර් නියෝජ්‍ය කොමසාරිස් මුහම්මද් අලි ඉජාස් විසින් දින 30 ක කාලයක් සඳහා මෙම රඳවා තබා ගැනීමේ නියෝගය නිකුත් කර තිබේ.
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම දේශපාලනඥයෙකු වන ඉම්රාන් ඛාන් බන්ධනාගාරයෙන් නිදහස් කිරීමට රජයට බලපෑම් කිරීම සඳහා ඔහුගේ පකිස්ථාන් තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය විසින් සැප්තැම්බර් 27 වනදා පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතාවට පෙර මෙම පියවර ගෙන ඇත.
PTI නිර්මාතෘවරයාගේ තවත් සහෝදරියක වන නෝරීන් නියාසි Geo News වෙත පවසා ඇත්තේ අලීමා කොට් ලක්පට් බන්ධනාගාරයට ගෙන ගිය බවට තමාට තොරතුරු ලැබුණු බවත්, ඇය නිවසින් පිටව යද්දී මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.
“කාන්තාවන් පවා අත්අඩංගුවට ගැනීමට තරම් ඔවුන් මෙතරම් බිය වී සිටින්නේ මන්දැයි මට තේරෙන්නේ නැහැ,” නෝරීන් පවසා තිබේ.
PTI මධ්‍යම තොරතුරු ලේකම් ෂෙයික් වකාස් අක්රම් මෙම අත්අඩංගුවට ගැනීම හෙළා දැක ඇති අතර, අලීමා ඛාන් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියේය.
“සහෝදරයෙකු වෙනුවෙන් හඬ නැඟීම නිසා සහෝදරියකට මෙසේ දඬුවම් විඳීමට සිදුව තිබෙනවා,” අක්රම් X ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart