
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජංගම දුරකථනයේ ඇමතුමක නිරත වෙමින් යතුරුපැදිය පදවාගෙන යෑම නිසා රථවාහන පොලිසිය විසින් නවත්වන ලෙස සංඥා කිරීමෙන් අනතුරුව, යතුරුපැදිය අයිනට කර නවත්වා මොහොතකින් සිහිසුන්ව ඇදවැටුණු 27 හැවිරිදි තරුණයකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
පසුගිය සෙනසුරාදා උදෑසන මානිපායි ප්‍රදේශයේදී මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, මෙලෙස මියගොස් ඇත්තේ චුන්නාකම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ජංගම දුරකථනය භාවිත කරමින් ධාවනය කළ යතුරුපැදිය පාර අයිනේ නැවැත්වූ සැනින්, තරුණයා එකවරම සිහිය නැතිව බිම ඇදවැටී ඇත.
ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව 1990 සුවසැරිය ගිලන් රථයකින් ඔහු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කළේය.
මෙය හදිසි මරණයක් ලෙස සැලකෙන බැවින්, මානිපායි පොලිසිය විසින් මල්ලාකම් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇත.
යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇති අතර, මරණයට නිශ්චිත හේතුව තහවුරු කරගැනීම සඳහා ශරීර කොටස් සාම්පල රජයේ රසපරීක්ෂක වෙත යොමු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart