
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා පාවහන් ආලේපන (Shoe Polish) ටින් 350,000ක් මිලදී ගැනීමට අදාළව ලබාදුන් ටෙන්ඩරය සම්බන්ධයෙන් අක්‍රමිකතා සිදුව ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
පසුගිය වසරේ අප්‍රේල් මස කැඳවන ලද මෙම ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වූ ලංසුකරුවන් 6 දෙනා අතුරින් අඩුම ලංසුව (ටින් එකක් වැට් බදු රහිතව රු. 110 බැගින්) ඉදිරිපත් කළ කොළඹ 10, ශ්‍රී සංඝරාජ මාවතේ පිහිටි ආයතනයක් වෙත සැප්තැම්බර් මාසයේදී ටෙන්ඩරය පිරිනමා ඇත.
චීනයෙන් ආනයනය කිරීමට නියමිත මෙම සමස්ත ව්‍යාපෘතියේ වටිනාකම වැට් බදු සහිතව රුපියල් 45,430,000කි.
2006 රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සහ සම්මත ලංසු තැබීමේ ලේඛන (SBD) උල්ලංඝනය කරමින්, අනිවාර්ය සාම්පල ලබාදීමේ කොන්දේසි මඟහැරීම, තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ අත්හැරීම සහ බලතල ඉක්මවා යෑම සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇත.
නිසි වේලාවට මෙම ආලේපන තොග නොලැබීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට තමන්ගේ පෞද්ගලික වියදමින් හෝ වෙනත් ආදේශක ආලේපන සොයාගෙන නිල ඇඳුමට අදාළ පාවහන් ඔප දමා ගැනීමට සිදුව තිබේ.
පොලිස් සැපයුම් අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක අංශය ද සඳහන් කර සිටින්නේ, මෙම ටෙන්ඩරය ලබාදීමේදී ශ්‍රී ලංකා ප්‍රමිතීන් පිළිබඳ ආයතනයේ නිර්දේශ සහ සියලුම නීත්‍යනුකූල ප්‍රසම්පාදන පටිපාටීන් අකුරටම අනුගමනය කර ඇති බවයි.
අඩුම ලංසුව ඉදිරිපත් කළ ආයතනය වෙත විනිවිදභාවයෙන් යුතුව ටෙන්ඩරය පිරිනැමූ බවත්, කිසිදු අක්‍රමිකතාවක් හෝ පෞද්ගලික හිතවත්කමක් මෙහි සිදුව නොමැති බවත් පවසමින් එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart