
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී සමාජ මාධ්‍ය සටහනක් මුල්කරගනිමින් අත්අඩංගුවට ගෙන මරණ දඬුවම නියම වී ඇති බවට වාර්තා වන ශ්‍රී ලාංකික අනෝජන් සිවරාසා තරුණයා කෙරෙහි කරුණාව දක්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සෞදි අරාබි බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
සිය X ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා අවධාරණය කළේ, හුදෙක් එක වචනයක් හෝ ප්‍රකාශයක් වෙනුවෙන් මනුෂ්‍යයෙකුගේ ජීවිතයක් උදුරා නොගත යුතු බවත්, ඒ සඳහා වූ ක්ෂමාව ලබාදීමේ මාවත විවෘතව තබන ලෙසත්ය.
සියවස් ගණනාවක් පුරා නොසැලී පැවැති උතුම් ආගමකට, යම් පුද්ගලයකු කළ එක වචනයක ප්‍රකාශයකින් හෝ අපහාසයකින් හානියක් සිදු නොවන බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස, එම ආගමේ ප්‍රබලත්වය රඳා පවතින්නේ වචනයකට ජීවිතයක් බිලිගැනීම මත නොවන බව සඳහන් කළේය.
සෑම ශ්‍රේෂ්ඨ ආගමකම හදවත තුළ පවතින උතුම් මනුෂ්‍යත්වය සහ කරුණාව සෞදි අරාබි බලධාරීන් විසින් මෙම අවස්ථාවේදීත් පෙන්නුම් කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
කල්මුණේ ප්‍රදේශයේ පදිංචි අනෝජන් සිවරාසා නමැති තරුණයාට එරෙහිව ඉස්ලාම් ආගමට අපහාස වන පරිදි අදහස් දැක්වීමේ චෝදනා මත මුලින් වසර 5ක සිරදඬුවමක් සහ රියාල් මිලියන 3ක දඩයක් නියම වී තිබූ අතර, ඊට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය සැලකිල්ලට ගත් සෞදි අභියාචනා අධිකරණය විසින් එය මරණ දඬුවම දක්වා ඉහළ දමා ඇති බවට වාර්තා පළවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart