
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්ඡුනා ‘කොටියා’ යන වචනය භාවිතා කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, තමන්ව එම සත්වයාට සමාන කර ගැනීම වරදක් ලෙස නොසලකන බවයි.
කෙසේවෙතත්, තමන් කිසිවිටෙකත් ‘කොටි දෙමළ ඩයස්පෝරාවක්’ පිළිබඳව සඳහන් නොකළ බවද ඔහු අවධාරණය කළේය.
“කවුරුහරි මගෙන් ඇහුවොත් මම කොටියෙක්ද කියලා, මම ඒක පිළිගන්නවා. මගේ ප්රියතම සත්වයා කොටියා. සමහර අය අලින්ට කැමතියි, සමහර අය සර්පයන්ට කැමතියි; මම කැමති කොටින්ට,” යනුවෙන් අර්ඡුනා පැවසීය.
තමන් කිසිවිටෙකත් එල් ටී ටී ඊ ඩයස්පෝරාවක් ගැන පවසා නොමැති බව සඳහන් කළ මන්ත්රීවරයා, කොටියා යන වචනය භාවිතා කිරීමෙන් එල් ටී ටී ඊ සංවිධානයට සහය දැක්වීමක් අදහස් වන බවට එල්ල වන චෝදනාද ප්රතික්ෂේප කළේය.
“මගේ ජංගම දුරකථනයේ පසුබිම් රූපයට (wallpaper) පවා දමා තියෙන්නේ කොටියෙක්ගේ පින්තූරයක්. සිංහල ජනතාව කියන්නේ තමන් සිංහයෝ කියලා. ‘සිංහයා’ කියලා කියන එක වැරදියි කියලා අපි කවදාවත් කියන්නේ නැහැ,” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් පැවසීය.
‘ඩයස්පෝරාව’ ගැන පමණක් සඳහන් කළ බවත්, එම යෙදුමට විදේශයන්හි ජීවත් වන ශ්රී ලාංකික දෙමළ, මුස්ලිම් සහ සිංහල යන පද ඇතුළත් බවත් අර්චුනා පැවසීය.
“මම කවදාවත් ‘කොටි ඩයස්පෝරාව’ යන වචනය කිව්වේ නැහැ. මම කිව්වේ ඩයස්පෝරාව විතරයි. අපේ ජනාධිපතිතුමාට ඉංග්රීසි තේරෙන්නේ නැතුව ඇති,” ඔහු පැවසීය.
තමන් මෙහිදී අදහස් කළේ රට නැවත ගොඩනැගීමේ වැඩසටහන සඳහා විදේශගත ශ්රී ලාංකිකයන්ගෙන් ලැබුණු ආධාර මුදල් පිළිබඳව බව මන්ත්රීවරයා සඳහන් කළේය.
“ශ්රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා රටට අරමුදල් ලැබුණා. ඒ අරමුදල් ලැබුණේ ඩයස්පෝරාවෙන්. ඒ නිසා තමයි මම කිව්වේ රජය ඩයස්පෝරාවෙන් මුදල් ලබාගෙන අපිව රවටනවා කියලා,” ඔහු පැවසීය.
එමෙන්ම, තමන් කළ ප්රකාශයන් එල් ටී ටී ඊ සංවිධානයට සහය දැක්වීමක් ලෙස සාධාරණ ලෙස අර්ථකථනය කළ හැකිදැයි අර්ඡුනා ප්රශ්න කළේය.
“මම එල් ටී ටී ඊ කොටි ලාංඡනය භාවිතා කරලා, එල් ටී ටී ඊ සංවිධානයට එකතු වෙලා, ආයෙත් ආයුධ අතට ගන්න හිතනවා කියලා ඔබ හිතනවාද? මම එහෙම කෙනෙක් නෙවෙයි,” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart