September 17, 2026

සීමා නිර්ණය සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳා ගනිමින් ආණ්ඩුව පළාත් සභා ඡන්ද විමසීමක් වෙත යොමුවනු ඇති බවට අපේක්ෂා කළ හැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ceylonwire.lk වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙම අදහස් පළ කළ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ එවැනි ක්‍රියාමාර්ගයකට එළඹීමට අපොහොසත් වන්නේ නම් වත්මන් ආණ්ඩුවට පවතින තුනෙන් දෙකක බලයක් සහ ඔවුන්ගේ ක්‍රියාකලාපය කුමක් ද යන්න ප්‍රශ්නාර්ථයක් බවයි.

ඡන්ද විමසීමක් කැඳවුව හොත් එය විපක්ෂයට ගැටලුවක් නොවනු ඇති බවත්, විපක්ෂය මේ වනවිටත් ඡන්ද විමසීමක් පැවැත්වීම ඉල්ලා ඇති බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසුවේය.

එමෙන්ම ඔහු කියා සිටියේ එලෙස ඡන්ද විමසීමක් පැවැත්වීමේ සූදානමකට එළඹුන හොත් විපක්ෂය සන්ධාන ගතවීමට වුව ද හැකියාවක් පවතින බවයි.