
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තම පුරවැසියන් කෙරෙහි පවතින රජයේ පාලනය තවදුරටත් දැඩි කරමින්, රටට ඇතුළු වීම සහ පිටවීම පාලනය කිරීම සඳහා චීනය විසින් අලුත්ම නීති පද්ධතියක් හඳුන්වා දී තිබේ.
නව නීතිරීතිවලට අනුව, විදේශගතව සිටියදී චීනයේ ජාතික ආරක්ෂාවට හෝ පැවැත්මට හානිකර ලෙස කටයුතු කළ බවට චෝදනා ලැබෙන පුරවැසියන්ට වසර තුනක් දක්වා රටින් පිටවීම තහනම් කිරීමේ බලතල පවරාගෙන ඇත.
මීට අමතරව, එරට තාක්ෂණික හෝ කාර්මික සුරක්ෂිතතාවයට තර්ජනයක් විය හැකි ඕනෑම අයෙකුට මෙම තහනම එකසේ අදාළ වේ.
විශේෂයෙන්ම ඇමෙරිකාව සමඟ පවතින තාක්ෂණික තරඟකාරීත්වය හමුවේ, කෘත්‍රිම බුද්ධිය (AI) සහ අර්ධ සන්නායක (Semiconductors) වැනි සංවේදී ක්ෂේත්‍ර කෙරෙහි චීන රජය දැඩි විමසිල්ලෙන් පසුවෙයි.
මෙම ක්ෂේත්‍රයන්හි නියැලී සිටින ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුටම මීට පෙර ද විදේශ සංචාර තහනම් කර තිබූ අතර, ‘මෙටා’ සමාගම විසින් අත්පත් කරගන්නා ලද ‘Manus’ AI සමාගමේ සම-නිර්මාතෘවරුන්ට ද පසුගිය මාර්තු මාසයේදී රටින් පිටවීම තහනම් කෙරිණි.
එමෙන්ම ‘අධික අවදානම් සහිත’ ලෙස නම් කර ඇති කලාප හෝ රටවල් වෙත ගමන් කිරීමෙන් වළකින ලෙස චීන වැසියන්ට උපදෙස් දීමට දේශසීමා නිලධාරීන්ට නව නීති හරහා බලතල හිමිව තිබේ.
කෙසේ වෙතත්, මෙම නිල නීති මාලාව ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම සිටම යම් යම් පිරිස් වෙත සංචාරක සීමා පනවා තිබූ බව වාර්තා වේ. මුලින්ම රාජ්‍ය නිලධාරීන් මුහුණ දුන් මෙම තත්ත්වය පසුව රාජ්‍ය සමාගම්වල සේවකයන් සහ සාමාන්‍ය ජනතාව දක්වා ද ව්‍යාප්ත විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart