
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පුනර්ජනනීය බලශක්ති ගබඩා කිරීම සඳහා භාවිත කරන බැටරි සඳහා විධිමත් සහන ලබාදීමට රජය සූදානම් වන බවත්, එහි මුල් අදියර ලෙස කිලෝවොට් 100ට වැඩි පද්ධති සඳහා මෙම සහනය හිමිවන බවත් බලශක්ති අමාත්‍ය අරුණ කරුණාතිලක පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජනාධිපතිවරයා සමඟ මෑතකදී පවත්වන ලද සාකච්ඡාවලින් අනතුරුව මෙම සහන ලබාදීම සඳහා වන විශේෂ ව්‍යුහය සකස් කරමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙරටට ආනයනය කරන බැටරි පද්ධති සඳහා තවමත් නිසි ප්‍රමිතියක් ස්ථාපිත කර නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ප්‍රමිති පද්ධතියක් නොමැතිව මෙය විවෘත කළහොත් බාල තත්ත්වයේ බැටරි විශාල වශයෙන් ලංකාවට ගලා ඒමේ අවදානමක් පවතින බවත්, එය වැළැක්වීම සඳහා වහාම ප්‍රමිති පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.
මේ වන විට මෙරට සමස්ත විදුලි උත්පාදනයෙන් 60% – 70% අතර ප්‍රමාණයක් ලබාගන්නේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් බව අමාත්‍යවරයා අනාවරණය කළේය.
වහල මත සවිකරන සූර්ය පැනල මගින් මෙගාවොට් 2,500ක් ද, භූමියේ සවිකරන සූර්ය පැනල මගින් මෙගාවොට් 530ක් ද, සුළං බලශක්තියෙන් මෙගාවොට් 250කට වැඩි ප්‍රමාණයක් ද ජාතික පද්ධතියට එකතු වන අතර එය සමස්ත විදුලි උත්පාදනයෙන් 40%කටත් වැඩිය.
සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාගැනීමේදී සිදුවන ප්‍රමාදයන්, ඉඩම් ලබාගැනීමේ අපහසුතාවන් සහ නව පද්ධති ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමේදී පවතින ගැටලු නිරාකරණය කරමින් මෙම ක්ෂේත්රය ඉදිරියට ගෙන යන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart