
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට අද (11) අලුයම එල්ල වූ මාරාන්තික අත්බෝම්බ ප්‍රහාරයට අදාළ සැකකරු පැමිණි බවට සැකකෙරෙන ත්‍රීරෝද රථය ඉහළ බෝපෙ ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.
අද අලුයම 3.00ට පමණ ත්‍රීරෝද රථයකින් පැමිණි අඳුරු ඇඳුමින් සැරසුණු අඳුනනොගන්නා පුද්ගලයෙකු මෙම නිවසේ දොරට තට්ටු කර ඇති අතර, නිවැසියන් දොර විවෘත කළ සැනින් නිවස තුළට අත්බෝම්බයක් ගසා පලාගොස් ඇත.
සැකකරු පැමිණි ආකාරය සහ ප්‍රහාරයෙන් මොහොතකට පෙර සිදුවූ සිදුවීම් අසල CCTV කැමරාවල පැහැදිලිව සටහන් වී තිබේ.
ප්‍රහාරය සිදුවන අවස්ථාවේ නිවස තුළ නින්දේ පසුවූ අවුරුදු 11 සහ 17 වයස්වල පසුවූ දරුවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
ඔවුන්ගේ 55 හැවිරිදි පියාගේ කකුලට ද බරපතළ තුවාල සිදුවී ඇති අතර, ඔහුට කිසිදු අපරාධ චෝදනාවක් නොමැති බව පොලිසිය තහවුරු කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් අද උදෑසන මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා ඇති අතර, ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සැකකරුවන් සහ ප්‍රහාරයට සම්බන්ධ මුලමුල සොයා පරීක්ෂණ පැවැත්වීමට විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් යොදවා ඇත.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart