
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බ්‍රිතාන්‍යයේ පුද්ගලයන් ලක්ෂ 10කට ආසන්න සංඛ්‍යාවක් යොදාගනිමින් පවත්වන ලද දැවැන්ත පර්යේෂණයකට අනුව, ඉතා අධික උණුසුමෙන් යුත් තේ, කෝපි සහ අනෙකුත් පානයන් බීමෙන් අන්නස්‍රෝතයේ පිළිකා ඇතිවීමේ අවදානම තුන් ගුණයකට වඩා ඉහළ යන බව සොයාගෙන ඇත.
International Journal of Cancer සඟරාවේ පළ වූ මෙම අධ්‍යයනයට අනුව, සාමාන්‍ය උණුසුමෙන් පානයන් බොන අයට වඩා ‘අධික උණුසුමෙන්’ බොන අයට අන්නස්‍රෝතයේ පැතලි සෛල කාසිනෝමාව (Esophageal squamous cell carcinoma) වැළඳීමේ අවදානම දෙගුණයකින් ද, ‘අතිශයින්ම අධික උණුසුමෙන්’ බොන අයට එම අවදානම තුන් ගුණයකට වඩා වැඩි ප්‍රමාණයකින් ද ඉහළ යන බව තහවුරු වී තිබේ.
අප ගන්නා ආහාර සහ පානයන් කටේ සිට ආමාශය වෙත ගෙන යන පේශිමය නාලය වන අන්නස්‍රෝතය, මෙම අධික උණුසුම නිසා නැවත නැවතත් තුවාල වීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව ලෙස පර්යේෂකයෝ පෙන්වා දෙති.
උණුසුමට අමතරව බොන ප්‍රමාණය ද වැදගත් වන අතර, දිනකට උණුසුම් පානයන් කෝප්ප 6ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් බොන පුද්ගලයන්ට පිළිකා අවදානම 71%කින් ඉහළ යන බව මෙහිදී හෙළි විය.
පිළිකා පිළිබඳ අන්තර්ජාතික පර්යේෂණ ආයතනය විසින් සෙල්සියස් අංශක 65ට වඩා වැඩි උණුසුමකින් යුතු පානයන් ‘අතිශයින්ම උණුසුම්’ ලෙස නිර්වචනය කර ඇති අතර, ඒවා මිනිසුන්ට පිළිකා ඇතිකිරීමේ ප්‍රවණතාවක් සහිත දේවල් ලෙස වර්ගීකරණය කර ඇත.
ජ්‍යෙෂ්ඨ පර්යේෂකයකු වන ඉයන් ජොන්සන් සඳහන් කරන්නේ, පිළිකා අවදානමෙන් මිදීමට නම් තේ හෝ කෝපි සෙල්සියස් අංශක 65ට අඩු උණුසුමකට නිවෙන්නට හැර පානය කිරීම ඉතා නුවණට හුරු බවයි.
කෙසේවෙතත්, සාමාන්‍ය පුද්ගලයකුට අන්නස්‍රෝතයේ පිළිකා වැළඳීමේ සමස්ත අවදානම තවමත් සපේක්ෂව අඩු මට්ටමක පවතින බවත්, මෙම පර්යේෂණය මගින් පෙන්වා දෙන්නේ පානයන්ගේ උණුසුම සහ පිළිකා අවදානම අතර ඇති සෘජු සම්බන්ධතාව බවත් පර්යේෂකයෝ වැඩිදුරටත් අවධාරණය කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart