
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වයට මුහුණ දීම සහ ජල සැපයුම් ධාරිතාව ඉහළ නැංවීම සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය
මගින් කරදිය පිරිසිදු කර පානීය ජලය බවට පත්කිරීමේ ව්‍යාපෘති 3ක් ක්‍රියාත්මක කරමින් පවතින බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ පවසයි.
පාර්ලිමේන්තුවේදී ඊයේ (10) අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ජලසම්පාදන මණ්ඩලය මගින් මේ වන විට දිනපතා ජලය කියුබික් මීටර් මිලියන 3ක් පිරිසිදු කර දිවයින පුරා බෙදා හරින බවයි.
දිවයින පුරා පිහිටි භූගත ජල මූලාශ්‍ර 59කින් දිනකට ජලය කියුබික් මීටර් 77,000ක් ලබා ගනී.
දිවයිනේ ප්‍රධාන ජලාශ 59කින් දිනකට ජලය කියුබික් මීටර් 712,000ක් සපයා ගනී.
ඉතිරි ජලය කියුබික් මීටර් මිලියන 2.2කට ආසන්න ප්‍රමාණය ලබා ගන්නේ ගංගා, ඇළ දොළ ඇතුළු පිරිසිදු මිරිදිය මූලාශ්‍රවලිනි.
වෙනස්වන කාලගුණික විපර්යාස හමුවේ රටේ පානීය ජල අවශ්‍යතාව අඛණ්ඩව සපයාදීම සඳහා මෙම කරදිය පිරිසිදු කිරීමේ ව්‍යාපෘති විශාල පිටිවහලක් වනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart