September 11, 2026

බම්බලපිටිය සිට වැල්ලවත්ත දක්වා වූ මරීන් ඩ්‍රයිව් (Marine Drive) වෙරළ තීරය තුළ පිහිටි අනවසර ඉදිකිරීම් 87ක් බලධාරීන් විසින් හඳුනාගෙන ඇති බව පරිසර අමාත්‍ය දම්මික පටබැඳි පවසයි.

මෙම සියලුම අනවසර ඉදිකිරීම් මේ මාසය ඇතුළත ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වෙරළ තීරයේ සිදුව ඇති මෙකී අනවසර ඉදිකිරීම් හේතුවෙන් පාරිසරික හානිය වැළැක්වීම සඳහා විශේෂ ආරක්ෂක සහ සංරක්ෂණ පියවරයන් ගත යුතු කලාප
5ක් ද හඳුනාගෙන තිබේ.

මරීන් ඩ්‍රයිව් වෙරළ තීරය සංරක්ෂණය කිරීම සහ භාරකාරත්වය පිළිබඳ වගකීම වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව සතු වන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.