
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බ්‍රිතාන්‍යයේ නොතැම්ප්ටන්ෂයර් හි වෙසෙන හියුගෝ නමැති ෂයර් (Shire) වර්ගයේ අශ්වයා ලොව දැනට ජීවත්ව සිටින උසම අශ්වයා ලෙස ගිනස් ලෝක වාර්තා අතරට එක්ව ඇත.
වයස අවුරුදු 4ක් වන මෙම අශ්වයාගේ කරපිට දක්වා උස සෙන්ටිමීටර 199ක් (අඩි 6.5ක් පමණ) වේ.
අශ්ව ලාඩම් නොමැතිව පශු වෛද්‍යවරයකු ලවා නිල වශයෙන් මැන බලමින් ගිනස් බලධාරීන් මෙම වාර්තාව තහවුරු කර ඇත.
හියුගෝ තවමත් වයස අවුරුදු 4ක පැටවෙක් වන අතර, අශ්වයකුගේ සම්පූර්ණ වැඩීම අවසන් වීමට වසර 8.5ක් පමණ ගතවන බැවින් ඉදිරි වසර තුන හමාරක කාලය තුළ හියුගෝ තවත් උස යනු ඇතැයි අයිතිකරු වන බ්‍රෙට් මාස්ටර්ස් පවසයි.
හියුගෝ අස්ථි සහ වර්ධක ප්ලේට අධි-ක්‍රියාකාරී නිසා ඔහුට විශේෂ සත්කාර අවශ්‍ය වේ.
ඒ අනුව, ඔහු වෙනුවෙන්ම වෙන්වූ පරීක්ෂකයන් (Chiropractor), දන්ත වෛද්‍යවරුන්, පශු වෛද්‍යවරුන් සහ ශරීර සම්බාහකයන් සිටින අතර ඔහු ගත කරන්නේ සැබෑම තරු පහේ සුඛෝපභෝගී ජීවිතයකි.
ෂයර් වර්ගයේ අශ්වයන් මුල සිටම විශාල ශරීරවලට හිමිකම් කියන අතර, අතීතයේදී ගොවිපළවල්වල බර වැඩ සහ රථ ඇදීම සඳහා භාවිත කර ඇත.
ඉතිහාසයේ වාර්තා වූ උසම අශ්වයා වන්නේද 1850දී අඩි 7 අඟල් 2.5ක් උසට වැඩුණු ‘සැම්ප්සන්’ නමැති ෂයර් අශ්වයාය.
ගිනස් වාර්තාව වෙනුවෙන් මුදලක් නොලැබුණු නමුත්, යම් හෙයකින් කැරට් වගාකරුවකු සිටී නම් හියුගෝ වෙනුවෙන් කැරට් තෑගි දීමට ඉදිරිපත් වන ලෙස අයිතිකරු විහිළුවට මෙන් ඉල්ලා සිටියි.
දැනට ප්‍රදර්ශන සහ කරත්ත ඇදීමේ පැරණි සංස්කෘතික නිරූපණයන් සඳහා එක්වන හියුගෝ, මේ දිනවල පිට උඩ මිනිසුන් තබාගෙන යෑමේ පුහුණුවීම් ද ලබමින් සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart