
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙහිවල, කව්ඩාන ප්රදේශයේ පිහිටි නිවසකට අත්බෝම්බ ප්රහාරයක් එල්ල වීමෙන් ළමුන් දෙදෙනකු මියගොස් ඇති අතර ඔවුන්ගේ පියා තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
මෙම ප්රහාරය සිදුව ඇත්තේ කව්ඩාන ප්රදේශයේ සිරිසංඝබෝ මාවතේ පිහිටි නිවසකය.
එම පිපිරීමෙන් අවුරුදු 10 සහ 14 වයස්වල පසුවන පිරිමි ළමුන් දෙදෙනකු මියගොස් ඇති අතර, තුවාල ලැබූ 52 හැවිරිදි පියා රෝහල්ගත කර ඇති බව පොලිසිය ප්රකාශ කළේය.
මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ මෙම අත්බෝම්බ ප්රහාරය සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ඇති වූ ගැටුමකට සම්බන්ධ එකක් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට සහ ඊට වගකිවයුත්තන් හඳුනා ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart