
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතීන්ගේ අප්‍රිකානු ආර්ථික කොමිසමේ (UNECA) ශ්‍රී ලංකා පළමු කාන්තා නිත්‍ය නියෝජිතවරිය ලෙස පත් වූ නිර්මලා පරණවිතාන, සිය අක්තපත්‍ර එහි විධායක ලේකම් ක්ලැවර් ගැටෙටේ වෙත භාරදී තිබේ.
මෙය ශ්‍රී ලංකා විදේශ සේවයේ කාන්තා නායකත්වය ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් මෙන්ම ශ්‍රී ලංකා – අප්‍රිකානු සබඳතාවල නව සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
අක්තපත්‍ර භාරදීමෙන් අනතුරුව පැවැති සාකච්ඡාවේදී දකුණු-දකුණු සහයෝගීතාව, ආයෝජන, තාක්ෂණික හුවමාරුව සහ පෞද්ගලික අංශයේ දායකත්වය ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇත.
විශේෂයෙන්ම බුරුන්ඩි රාජ්‍යය සමඟ සහල් තාක්ෂණය හුවමාරු කරගැනීම, මධ්‍යම අප්‍රිකානු ජනරජය සමඟ මඤ්ඤොක්කා අගය එකතු කිරීමේ ව්‍යාපෘති, කැමරූන් රාජ්‍යය සමඟ බලශක්ති ක්ෂේත්රය දියුණු කිරීම, සහ චැඩ් රාජ්‍යයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් පිහිටුවීම වැනි ක්ෂේත්‍ර ගණනාවක හවුල්කාරිත්වයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ.
ඊට අමතරව සෝමාලියාව සහ ජිබූටි රාජ්‍යයන් සමඟ නාවික ආරක්ෂාව සහ ධීවර කර්මාන්තය නැංවීමටද යෝජනා වී ඇත.
ඉතියෝපියාවේ කිරි නිෂ්පාදනය සහ ආහාර සැකසුම් ක්ෂේත්රවල ශ්‍රී ලාංකික ආයෝජන සඳහා ඇති ඉඩකඩ පිළිබඳවද අවධානය යොමුකර ඇති අතර, ශ්‍රී ලංකාවේ මෙම ක්‍රියාකාරී මැදිහත්වීම UNECA විධායක ලේකම්වරයාගේ ඇගයීමට ලක්ව තිබේ.
ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික මට්ටමින් ඔබ්බට ගොස් සමස්ත අප්‍රිකානු කලාපයටම බලපාන ආර්ථික හවුල්කාරිත්වයන් දෙසට යොමුවිය යුතු බව ඔහු පෙන්වාදී ඇත.
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික, ආපදා කළමනාකරණ සහ සාගරික දැනුම උපයෝගී කරගනිමින් අප්‍රිකානු කලාපයේ සංවර්ධනයට දායක වන අතරම, මෙරටට නව වෙළෙඳ, ආයෝජන සහ රැකියා අවස්ථා උදාකර ගැනීම මෙම පියවරේ ප්‍රධාන අරමුණයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart