
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කල්ඉකුත් වූ බේකරි නිෂ්පාදන අලෙවි කිරීම සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් අනතුරුව, පෙරේරා ඇන්ඩ් සන්ස් බේකර්ස් පෞද්ගලික සමාගමට (Perera and Sons Bakers Pvt Ltd) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 200,000 ක දඩයක් නියම කර ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් 2026 අප්‍රේල් 20 වැනි දින කොළඹ 13, ශාන්ත බෙනඩික්ට් මාවතේ පිහිටි එම සමාගමේ අලෙවිසැලක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම නඩුව පවරා තිබිණි.
එම පරීක්ෂාවේදී, 2026 අප්‍රේල් 16 වැනි දින කල්ඉකුත් වූ ස්ට්‍රෝබෙරි රසැති ක්‍රීම් බනිස් අලෙවිය සඳහා තබා තිබියදී නිලධාරීන්ගේ භාරයට ගෙන ඇත.
අනතුරුව ඊට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති අතර, ඊයේ (09) මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සමාගම වරද පිළිගෙන තිබේ. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් 200,000 ක දඩ මුදල නියම කර ඇත.
ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී නිෂ්පාදිත සහ කල්ඉකුත් වන දින පරීක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කරමින්, සෑම විටම විමසිලිමත්ව සිටින ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
කල්ඉකුත් වූ නිෂ්පාදන අලෙවි කරන ඕනෑම ව්‍යාපාරයක් පිළිබඳව 1977 පාරිභෝගික ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන ලෙසද එම අධිකාරිය වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart