September 8, 2026

2024 ජනවාරි සිට 2025 ඔක්තෝබර් අතර කාලය තුළ දිවයින පුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් 31ක් පමණ වසාදමා ඇති බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන අනාවරණය කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කරන ලද්දේ, අද (08) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මඩුගොඩ විසින් මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

මෙම වසරේ අගෝස්තු 17 වැනි දින වන විට දිවයින පුරා ලංකා සතොස අලෙවිසැල් 424ක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වන විට ලංකා සතොස රුපියල් බිලියන 24ක පාඩුවක් ලබා තිබූ බවත්, එම කාලවකවනුවේ මෙම ජාලය රුපියල් බිලියන 11ක ණය කන්දකට මුහුණ දී තිබූ අතර, රුපියල් බිලියන 5ක බැංකු අධිභාරයක් පවත්වාගෙන ගොස් ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.