September 8, 2026

කිරිඳිවැල ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඝාතනය කරන ලදැයි කියන විශ්‍රාමික හමුදා සෙබළාගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට ලද තොරතුරකට අනුව කිරිඳිවැල, නාරංගස්පිටිය ප්‍රදේශයේදී මෙම සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව, සැකකාරිය නාරංගස්පිටිය, කිරින්දිවැල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි තැනැත්තියක වේ.

ඇගේ සැමියා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඒ සඳහා අනුබල දීමේ සැකය මත ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.