
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රකට පරිත්‍යාගශීලී නහිල් විජේසූරිය මීරිගම ජාතික වකුගඩු ගල් ඉවත් කිරීමේ මධ්‍යස්ථානය වෙත රුපියල් මිලියන 161ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ඇති මෙම මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව සංකීර්ණ වකුගඩු ගල් ඉවත්කිරීමේ ප්‍රතිකාර මෙහෙයුම් 1,000කට අධික සංඛ්‍යාවක් වාර්ෂිකව සිදුකිරීමට අපේක්ෂා කරනු ලබයි.
ජාතික මට්ටමේ ඒකකයක් ලෙස සැලසුම් කර ඇති මෙම මධ්‍යස්ථානය දිවයින පුරා සිටින මූත්‍ර රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ට තම රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂිත උපකරණ සහ යටිතල පහසුකම් ලබාගැනීමට අවස්ථාව සලසා දෙනු ලැබේ.
මෙම මධ්‍යස්ථානය හරහා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සිදුකරනුයේ රජයේ සෞඛ්‍ය පද්ධතිය හරහා සම්පූර්ණයෙන්ම නොමිලේ වීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා මූත්‍ර රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ යෝජනාවක් මත ආරම්භ කර ඇති මෙම ව්‍යාපෘතිය මාස කිහිපයක් ඇතුළත සංවර්ධනය කර ඇත.
මෙම මධ්‍යස්ථානය මඟින් සංකීර්ණ වකුගඩු ගල් රෝග කළමනාකරණය ශක්තිමත් කිරීමට සහ රට පුරා සේවය කරන මූත්‍ර රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ට සහයෝගය දැක්වීමට අපේක්ෂා කෙරේ.
විශේෂඥ දැනුම, නවීන වෛද්‍ය තාක්ෂණය සහ නොමිලේ ප්‍රතිකාර ලබා ගැනීමට ඇති හැකියාව එකතු කරගත් ජාතික සම්පතක් ලෙස මෙය සේවය කරනු ඇතැයි අපේක්ෂා කරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart