
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දකුණු අධිවේගී මාර්ගයේ සේවා පියස (Service Area) සඳහා භාවිත කර ඇති ඉඩම, පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේදී වසරකට රුපියල් 10,000ක සුළු වාර්ෂික කුලියකට වසර 99ක කාලයකට බදු දී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක අනාවරණය කළේය.
එම සේවා පියසේ පවතින දුර්වල නඩත්තුව, අපවිත්‍රතාවය සහ ආහාරවල අධික මිල ගණන් සම්බන්ධයෙන් මතුවූ නොසන්සුන්තාවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම කරුණු හෙළිකළේය.
මෙම පහසුකම් කළමනාකරණය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇති බවත්, ඒ පිළිබඳව මුදල් අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ සාකච්ඡා කර ඇති බවත් ඔහු පැවසීය.
අමාත්‍යවරයාට අනුව, දැනට වැලිපැන්න ප්‍රදේශයේ ක්‍රියාත්මක වන මෙම සේවා පියස පවත්වාගෙන යනු ලබන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අනුබද්ධ සමාගමක් මගින් වන අතර, එය මාර්ග සංවර්ධන අධිකාරිය හෝ ප්‍රවාහන අමාත්‍යාංශය මගින් ඍජුව පාලනය වන්නේ නැත.
කිලෝමීටර 312කින් සමන්විත මුළු අධිවේගී මාර්ග ජාලය පුරාම දැනට ක්‍රියාත්මක වන්නේ එක් සේවා පියසක් පමණක් බවත්, උඩුකාව ප්‍රදේශයේ තවත් පහසුකම් මධ්‍යස්ථානයක් ඉදිකරමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
වසරකට රුපියල් 10,000ක මුදලකට වසර 99කට මෙම ඉඩම බදු දී තිබීම හේතුවෙන්, මුල් බදු ගනුදෙනුවේදී කිසියම් අක්‍රමිකතාවයක් සිදුවී ඇති බවට සැක පළකරන බව අමාත්‍ය රත්නායක පැවසීය.
මගීන් සහ රියදුරන් සඳහා වඩාත් යහපත් පහසුකම් සැලසීම වෙනුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු අනෙකුත් අධිවේගී මාර්ග ආශ්‍රිතව අමතර සේවා පියසවල් ස්ථාපිත කිරීමට රජය අදහස් කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart