
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයකු වන මිලින්ද රාජපක්ෂ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර වෙත ගොස් තිබේ.
ශ්‍රී ලංකාවට යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ රඳවා තබාගැනීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ප්‍රජාවගේ අවධානය යොමුකිරීම සිය සංචාරයේ ප්‍රධාන අරමුණ බව මිලින්ද රාජපක්ෂ පවසයි.
ජිනීවා නුවර දැනට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය අතරතුරදී මෙම කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළ මිලින්ද රාජපක්ෂ, ලංකාවේ ප්රජාතන්ත්රවාදය, නීතියේ ආධිපත්‍යය, නිදහස සහ මානව හිමිකම් පිළිබඳව මතුව ඇති බරපතල ගැටලු කෙරෙහි ද මෙහිදී අවධානය යොමුකරන බව කියාසිටියි.
සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ වසර 18කට පසුව තමා නැවතත් ජිනීවා නුවර වෙත පැමිණි බවයි.
මෙවර තමා ජිනීවා පැමිණියේ ශ්‍රී ලංකාව තුළ මර්දනයට ලක්ව සිටින විපක්ෂ දේශපාලන හඬවල් නියෝජනය කිරීම සඳහා බව ද ඔහු එහි දක්වා ඇත.
තමා අන්තර්ජාතික ප්‍රජාව හමුවේ මතුකිරීමට බලාපොරොත්තු වන මෙම කරුණු පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගොස්, ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍යය සුරැකීමේ පුළුල් රාමුවක් තුළ සලකා බැලිය යුතු බව ද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart