
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටෝ කරන්සි ඇතුළු ඩිජිටල් වත්කම් (Virtual Assets) නියාමනය කිරීම සඳහා රාමුවක් සකස් කිරීමට සහ ඊට අදාළ නියාමන අධිකාරියක් පත්කිරීමට අවශ්‍ය පනත් කෙටුම්පත සකස් කරන ලෙස කැබිනට් මණ්ඩලය උපදෙස් දී ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසයි.
ක්‍රිප්ටෝ කරන්සි ශ්‍රී ලංකාව තුළ නිල මුදල් ඒකකයක් ලෙස පිළිනොගන්නා අතර, බැංකු හරහා සෘජුව ක්‍රිප්ටෝ ගනුදෙනු සිදුකිරීමට ද සීමා පනවා ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
වර්තමානය වන විට ඩිජිටල් වත්කම්, ඒ හා බැඳුණු අවදානම් සහ ආරක්ෂිත ක්‍රමවේද පිළිබඳව මහජනතාව තුළ පවතින දැනුවත්භාවය සීමිත බවත්, ඒ සඳහා පූර්ණ නියාමන රාමුවක් මෙතෙක් ලංකාව තුළ නොතිබූ බවත් ඔහු සඳහන් කළේය.
ඉදිරියේදී ගෙන ඒමට නියමිත නව නීති මගින් මෙරට ක්‍රියාත්මක වන ඩිජිටල් වත්කම් සේවා සපයන්නන් සඳහා අනිවාර්ය ලියාපදිංචිය, වාර්තාකරණ ප්‍රමිතීන් සහ බදු අය කිරීමේ ක්‍රමවේදයන් හඳුන්වා දීමට නියමිතය.
මෙම ක්ෂේත්‍රය අධීක්ෂණය කිරීමේ ප්‍රධාන නියාමන ආයතනය ලෙස ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පත්කර ඇති අතර, මහ බැංකුව, මූල්‍ය බුද්ධි ඒකකය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙම නියාමන කටයුතු සිදුකෙරේ.
නීති විරෝධී P2P (Peer-to-Peer) සහ විදේශීය ක්‍රිප්ටෝ ගනුදෙනු මගින් සිදුවන මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීමේ අවදානම් අවම කිරීම මෙන්ම FATF අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුගත වීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.
අගෝස්තු මුලදී මහ බැංකුවේදී ඩිජිටල් වත්කම් සේවා සපයන්නන් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර, ජූනි මාසයේදී ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් ඩිජිටල් වත්කම්වල පවතින අවස්ථා සහ අවදානම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පවත්වා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart