
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එළඹෙන පාසල් වර්ෂය තුළ ප්‍රාථමික සහ කණිෂ්ඨ සිසුන් සඳහා AI මෙවලම් භාවිත කිරීම තාවකාලිකව තහනම් කිරීමට නිව්යෝර්ක් නගරයේ රජයේ පාසල් පියවර ගෙන ඇති බව නගරාධිපති සොහ්රාන් මම්දානි ප්‍රකාශ කළේය.
මෙය ඇමෙරිකා එක්සත් ජනපදය තුළ පනවන ලද මෙවැනි වඩාත්ම පුළුල් තහනම ලෙස නිලධාරීන් හඳුන්වා දී ඇත.
කුඩා ළමුන් මෙම තාක්ෂණය භාවිත කරන ආකාරය පිළිබඳව නිලධාරීන් අධ්‍යයනය කරන අතරතුර, වසරක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි පනවා ඇති මෙම තහනම හේතුවෙන් රජයේ පාසල් සිසුන් 600,000 කට ආසන්න සංඛ්‍යාවක් බලපෑමට ලක්වේ.
මෙම ප්රතිපත්තියත් සමඟ දැනට පන්ති කාමර තුළ භාවිත වන අධ්‍යාපනික AI මෙවලම් 40 කට ආසන්න ප්‍රමාණයක භාවිතය අත්හිටුවීමට සිදුවන බව නගර සභාව පවසයි. එමෙන්ම සියලුම ශ්‍රේණිවල සිසුන් සඳහා සහායක AI චැට්බොට් (Companion chatbots) භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
කෙසේ වෙතත්, ජ්‍යෙෂ්ඨ සිසුන් මෙම පූර්ණ තහනමින් නිදහස් කර තිබේ. රජයේ පාසල්වල උසස් පෙළ සිසුන් සඳහා වසරකට දෙවතාවක් AI සාක්ෂරතා පන්ති පැවැත්වීමටත්, ගුරුවරුන්ගේ අධීක්ෂණය යටතේ තෝරාගත් AI පද්ධති කිහිපයක් භාවිත කිරීමට අවස්ථාව ලබා දෙන නියමු ව්‍යාපෘති ආරම්භ කිරීමටත් නගර සභාව සැලසුම් කර ඇත.
මේ අතර, පාඩම් සැලසුම් කිරීම සහ කාලසටහන් සකස් කිරීම වැනි පරිපාලන කටයුතු සඳහා ගුරුවරුන්ට තවදුරටත් AI භාවිත කිරීමට අවසර හිමිවේ.
අධ්‍යාපනය තුළ මානව සබඳතාවල ඇති වැදගත්කම අවධාරණය කරමින් නගරාධිපති මම්දානි ප්‍රකාශ කළේ, දරුවන්ට ඉගෙනීමට සහ වර්ධනය වීමට නම් ගුරුවරුන් සහ මානව සබඳතා අත්‍යවශ්‍ය බවයි. ඔවුන් තමන්ගේ සහෝදර සිසුන් සමඟ කුසලතා වර්ධනය කරගත යුතු බවත්, අධ්‍යාපනඥයන් සමඟ යහපත් සබඳතා ගොඩනගා ගත යුතු බවත්, සංකීර්ණ ගැටලුවලට තනිවම මුහුණ දී විසඳුම් සෙවීමට හුරු විය යුතු බවත් ඔහු පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart