
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි දෙවැනි සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් වලට අදාළව ලිඛිත දේශන ඉදිරිපත් කිරීමක් නොකරන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය මෝසමක් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
එම මෝසම්වලින් දක්වා තිබෙන්නේ, පූර්ණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස තම සංගමය කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කිසිදු හේතුවක් නොදක්වා ප්‍රතික්ෂේප කර ඇති බවයි.
නීතිපතිවරයාගේ කරුණු දැක්වීමෙන් පසු තම වාචික දේශන ඉදිරිපත් කිරිම සඳහා පෙත්සම්කරුවන් කළ ඉල්ලීමට අවසරය අහිමි වූ බවත් ඔවුන් සිය මෝසම් මඟින් සඳහන් කර තිබෙනවා.
ඒ හේතුවෙන්, නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමේ අවස්ථාව අහිමි කෙරුණු බවත් එම මෝසම තුළින් පෙන්වා දී තිබේ.
මේ අතර අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සම් වලට ලිඛිත දේශන ඉදිරිපත් කිරීමේ කාලය අද සවස 3.00 වන විට අවසන් විය.
ඒ වනවිට පාර්ශ්ව ගණනාවක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිය ලිඛිත දේශන ඉදිරිපත් කර තිබිණි.
විසිදෙවැනි සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය ඉදිරි දිනවල පාර්ලිමේන්තුවේ කතානයකවරයා වෙත යොමුකරන බවත් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඊයේ නිවේදනය කෙරිණි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart