September 1, 2026

චීනය සහ ඊජිප්තුව අතර පැවැත්වෙන නවතම ඒකාබද්ධ ගුවන් අභ්‍යාසය වන “ඊගල්ස් ඔෆ් සිවිලයිසේෂන් 2026” (Eagles of Civilization 2026), අප්‍රිකානු කලාපය තුළ චීනය මෙතෙක් පැවැත්වූ සූක්ෂම, සංකීර්ණ සහ විශාලතම හමුදා පෙරහුරුව ලෙස සටහන් වී ඇත

විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ පසුගිය වසරේ පැවැති අභ්‍යාසයට වඩා වැඩි යුධ ශක්තියක් සහ බලයක් ප්‍රදර්ශනය කරමින් මෙවර චීනය සිය යුධ ශක්තිය විදහාපා ඇති බවයි.

මෙම අභ්‍යාසය සඳහා චීනය විසින් Shenyang J-16 ප්‍රහාරක ජෙට් යානා 6 ක්, ගුවනේදීම ඉන්ධන නැවත පිරවිය හැකි Xi’an YY-20A යානා 2 ක් සහ Y-20A උපායමාර්ගික ප්‍රවාහන යානා 2 ක් එක්කර තිබේ.

ඊට අමතරව Shaanxi KJ-500 පූර්වගාමී පාලන සහ පූර්ව අනතුරු ඇඟවීමේ යානයක්, harbin Z-20K මධ්‍යම ප්‍රමාණයේ බහුකාර්ය හෙලිකොප්ටර් යානා 2 ක් සහ රේඩාර් තදබද කිරීමේ තාක්ෂණයෙන් යුතු Shaanxi Y-9 ප්‍රවාහන යානයක් ද මෙම මෙහෙයුම් සඳහා යොදවා ඇත.

අප්‍රිකානු කලාපය තුළ චීනය පෙරමුණ ගනිමින් පවත්වනු ලබන මෙවැනි සංකීර්ණ හමුදා අභ්‍යාසවල කැපී පෙනෙන වර්ධනයක් මෑත කාලයේදී දක්නට ලැබේ. ඒ අතර පහත අභ්‍යාසයන් ප්‍රධාන වේ:

Will for Peace 2026: BRICS Plus එකමුතුව යටතේ චීනය, රුසියාව, දකුණු අප්‍රිකාව සහ ඉරානය එක්ව පවත්වන ලද නාවික අභ්‍යාසය (මෙය ‘Mosi III’ ලෙසද හැඳින්වේ).

Eagles of Civilization 2025: චීනය සහ ඊජිප්තුව අතර පසුගිය වසරේ පැවැති ගුවන් අභ්‍යාසය.

“Peace Unity 2024: චීනය, ටැන්සානියාව සහ මොසැම්බික් යන රටවල පාබල හා නාවික හමුදා එක්ව පැවැත්වූ ඒකාබද්ධ යුධ අභ්‍යාසය.