
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලොව පුරා අතිශය ජනප්‍රිය වූ ‘Rich Dad Poor Dad’ පොතේ කර්තෘ සහ ප්‍රකට මූල්‍ය උපදේශක රොබට් කියොසාකි ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක දැවැන්ත ණය බරකට මැදිව සිටින බව විදේශීය ජනමාධ්‍ය වාර්තා කරයි.
කෙසේවෙතත්, 79 හැවිරිදි කියොසාකි පවසන්නේ මෙම දැවැන්ත ණය මුදල තමාගේ ධනවත් වීමේ ප්‍රධාන උපායමාර්ගයක කොටසක් බවයි. වත්කම් සහ නිශ්චල දේපළ (Real Estate) මිලදී ගැනීම සඳහා ලබාගන්නා ණය ‘හොඳ ණය’ (Good Debt) ලෙස හඳුන්වන ඔහු, පාරිභෝගික භාණ්ඩ සඳහා ගන්නා ණය ‘නරක ණය’ ලෙස වර්ගීකරණය කරයි.
කියොසාකිගේ හිටපු බිරිඳ සහ ව්‍යාපාරික සපරිවාර කිම් කියොසාකි ප්‍රකාශ කර සිටින්නේ, මෙම බිලියන 1.2ක ණය මුදල රොබට්ගේ පෞද්ගලික ණයක් නොවන බවත්, ඔවුන්ගේ ව්‍යාපාරික සගයන් සමඟ මිලදී ගෙන ඇති මහල් නිවාස 1,500කට ආසන්න සංඛ්‍යාවක ව්‍යාපාරික ණය බවත්ය. එහි රොබට්ගේ පෞද්ගලික කොටස ඩොලර් මිලියන 30ත් 60ත් අතර ප්‍රමාණයක් වන බවට ගණන් බලා ඇත. දේපළවල වටිනාකම ඉහළ යන විට, එම වටිනාකම ඇපයට තබා නැවත ණය ලබාගැනීමත්, ඒවායින් ලැබෙන මුදල් බදු රහිත ආදායම් (Tax-free income) ලෙස භාවිත කිරීමත් කියොසාකිගේ උපායමාර්ගයයි.
එහෙත් මේ සම්බන්ධයෙන් මූල්‍ය විශ්ලේෂකයෝ අනතුරු අඟවා ඇත. JPTD Partners ආයතනයේ නිර්මාතෘ ජෝන් පූල් පවසන්නේ සාමාන්‍ය ආයෝජකයකුට මෙවැනි දැවැන්ත ණය කළමනාකරණය කරගැනීමට නොහැකි වුවහොත් එය ක්ෂණිකව ‘දරුණු බංකොලොත්භාවයකට’ පාර කියන බවයි.
1997 දී ප්‍රකාශයට පත් කළ ‘Rich Dad Poor Dad’ ග්‍රන්ථය මේ වන විට පිටපත් මිලියන 44කට වඩා අලෙවි වී ඇති අතර, එය ලොව පුරා විශාල පිරිසකගේ මූල්‍ය ආකල්ප වෙනස් කිරීමට සමත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart