September 3, 2026

කතරගම වන්දනාවේ ගොස් ආපසු පැමිණෙමින් තිබූ හැලපත, හලාවත ප්‍රදේශයේ පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් බුත්තල ප්‍රදේශයේදී වන අලියකු මාර්ගයට පැමිණ බස් රථයේ ගැටීම හේතුවෙන් පාරෙන් ඉවතට පැන පෙරළී යෑමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 45 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇත.

වන අලියා හදිසියේම මාර්ගයට පැමිණ බස් රථයේ ගැටීමත් සමඟ රියදුරුට බස් රථයේ පාලනය කරගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් අවම වශයෙන් මගීන් 10 දෙනකු වත් තුවාල ලබා ප්‍රතිකාර සඳහා කතරගම රෝහලට ඇතුළත් කර තිබේ. තුවාල ලැබූ සියලුදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.