
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකාවේ අලුතින් පත් වූ චීන තනාපති වේයි හුආශියැං ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී හමු විය.
මෙම හමුවේදී දෙරට අතර පවතින දීර්ඝකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම, වැඩිදුර චීන ආයෝජන ආකර්ෂණය කරගැනීම සහ දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන් සඳහා සහයෝගය ලබාගැනීම පිළිබඳව දෙපාර්ශ්වයේ අවධානය යොමු විය.
ශ්රී ලංකාවේ ආයෝජන ඉහළ නැංවීම සඳහා චීන ආයෝජකයින් දිරිමත් කරන බව පැවසූ තනාපතිවරයා, චීනය දිළිඳුකම තුරන් කිරීමේදී ලබාගත් අත්දැකීම් ශ්රී ලංකාවටද බෙහෙවින් ප්රයෝජනවත් විය හැකි බව පෙන්වා දුන්නේය.
මීට අමතරව, රජයේ දූෂණ විරෝධී ක්රියාමාර්ග සහ ග්රාමීය දිළිඳුකම පිටුදැකීම අරමුණු කරගත් “ප්රජා ශක්ති” වැඩසටහන පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
එමෙන්ම, 2027 වසරේදී ශ්රී ලංකා – චීන රාජ්යතාන්ත්රික සබඳතාවලට වසර 70ක් පිරීම මෙන්ම 1952 දී අත්සන් කරන ලද ඓතිහාසික රබර්-සහල් ගිවිසුමට වසර 75ක් පිරීම ද දෙපාර්ශ්වයේම විශේෂ ඇගයීමට ලක් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart