
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සම සත්කාරකත්වය දැරූ කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය මේ වන විට ආරම්භ වී තිබේ.
සිඩ්නි ක්‍රීඩාංගනයේ පැවැත්වුණු විචිත්‍රවත් සමාප්ති උත්සවයකින් අනතුරුව තරගය ආරම්භ විය.
එය සජීව ගායන, නර්තන, ආලෝක රටා සහ මනස්කාන්ත ගිනිකෙලි සංදර්ශනවලින් සමලංකෘත වී විය.
සිඩ්නි හිදී ස්පාඤ්ඤය සමග කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගයට එක්වන යුරෝපීය ශූර එංගලන්තයට වසරක් ඇතුළත දෙවැනි වරටත් ඉතිහාසගත වීමට අවස්ථාව හිමිව තිබේ.
ඔවුන් පළමුවරට ලෝක ශූරතාවට හිමිකම් කීමට බලාපොරොත්තු වන අතර, 1966 න් පසු ලෝක මට්ටමෙ අවසන් මහා තරගයක් ජයගත් පළමු එංගලන්ත කණ්ඩායම බවට ඔවුන් පත් වනු ඇත.
ස්පාඤ්ඤ කණ්ඩායමද කාන්තා ලෝක කුසලානයේ අවසන් තරගයකට එක්වන්නේ පළමුවරටය.
ඒ අනුව මෙම තරගය ජයගන්නා කණ්ඩායම කාන්තා ලෝක කුසලානයක් දිනා ගන්නා පස්වැනි රට වනු ඇත.
මීට පෙර ඇමෙරිකා එක්සත් ජනපදය(සිව්වරක්), ජර්මනිය (දෙවරක්), නෝර්වේ සහ ජපානය එක්වරක් බැගින් ලෝක කුසලානය දිනා සිටී.
එංගලන්ත කාන්තා කණ්ඩායම මාස 13 කට පෙර ජර්මනිය වෙම්බ්ලිහිදී පරාජය කර පළමු වරට යුරෝපීය ශූරතාව දිනා ගැනීමට සමත් විය.
අවසන් තරගය සඳහා අර්ධ අවසන් පූර්ව තරගයට එක් වූ කණ්ඩායම ක්‍රීඩා කරවීමට එංගලන්තය කටයුතු කර තිබේ.
ස්පාඤ්ඤය එක් වෙනස්කමක් සමගින් අවසන් තරගයට එක්වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart