
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මුහුණේ හැඩයට සමාන, ජීවිතයට පවා තර්ජනයක් විය හැකි මාරාන්තික එක්ස්ටසි (Ecstasy) මත්පෙති විශේෂයක් පිළිබඳව නෙදර්ලන්තයේ මනෝ සෞඛ්‍ය සහ මත්ද්‍රව්‍ය විරෝධී ආයතනයක් විසින් විශේෂ ‘රතු නිවේදනයක්’ නිකුත් කර තිබේ.
උට්‍රෙච්ට් නගරයේ පිහිටි මෙම ආයතනය පවසන්නේ, අගෝස්තු මාසයේදී පරීක්ෂණ මධ්‍යස්ථාන වෙත ලැබුණු මෙවැනි පෙති කිහිපයක් පරීක්ෂා කිරීමේදී ඒ තුළ ඉතා ඉහළ මට්ටමකින් PMMA නමැති හානිකර රසායනික ද්‍රව්‍යය අඩංගු බව අනාවරණය වූ බවයි. මෙම මත්පෙති භාවිතයෙන් ශරීර උෂ්ණත්වය අධික ලෙස ඉහළ ගොස් මරණය පවා සිදුවිය හැකි බැවින්, “කිසිදු හේතුවක් මත මෙම පෙති භාවිත නොකරන ලෙස” බලධාරීන් දැඩි ලෙස අවවාද කර සිටියි.
තැඹිලි පැහැති මෙම මත්පෙතිවල එක් පසෙක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මුහුණේ රූපයක් ද, අනෙක් පස Trump සහ NL ලෙස ද සටහන් කර තිබෙනවා. PMMA යනු එක්ස්ටසි පෙතිවල අඩංගු සාමාන්‍ය MDMA රසායනිකයට සමාන එකක් වුවද, එහි බලපෑම ශරීරයට දැනීමට වැඩි වේලාවක් ගතවන බැවින් භාවිත කරන්නන් වැඩි මාත්‍රාවක් ශරීරගත කරගැනීමේ අවදානමක් පවතින බවයි වාර්තා වේ.
මෙම පෙති භාවිත කිරීමෙන් පැය කිහිපයකට පසු වමනය, හෘද ස්පන්දනය වේගවත් වීම සහ වලිප්පුව වැනි ලක්ෂණ මතු විය හැකියි. කෙසේවෙතත්, මේ දක්වා මෙම පෙති භාවිතය නිසා කිසිදු මරණයක් හෝ බරපතල රෝගී තත්ත්වයක් වාර්තා වී නොමැති බව එම ආයතනය ප්‍රකාශ කර ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රූපය යොදාගනිමින් මෙවැනි එක්ස්ටසි පෙති නිපදවූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර 2017 වසරේදී ද ජර්මන් පොලිසිය විසින් “Trump makes partying great again” යන පාඨය යටතේ අන්තර්ජාලය ඔස්සේ අලෙවි කරන ලද ට්‍රම්ප්ගේ හිසේ හැඩැති මත්පෙති 5,000 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart