
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආණ්ඩුව යෝජනා කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළකරමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.
යෝජිත පනත් කෙටුම්පතේ වගන්ති මගින් ජනතා පමාධිපත්යයට හෝ අධිකරණයේ ස්වාධීනත්වයට හානියක් සිදුනොවන බව එම පෙත්සම මගින් තර්ක කර ඇත.
එබැවින්, යෝජිත සංශෝධනය සම්මත කරගැනීම සඳහා ජනමතවිචාරණයකින් ජනතාවගේ අනුමැතිය අවශ්‍ය නොවන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සපයා ඇති පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටිය හරහා එය පැනවිය හැකි බවත් තීරණය කරන ලෙස මන්ත්‍රී නිපුණආරච්චි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.
යෝජිත සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය ප්‍රශ්න කරමින් අවම වශයෙන් පෙත්සම් 21ක් පමණ ගොනුකර ඇති බව වාර්තා වන පසුබිමක, මෙම සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නීතිමය අභියෝගවලට මුහුණදෙමින් සිටියදී මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයෑමට තමන් සූදානම් බවත්, ජනමතවිචාරණයක් අවශ්‍යද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කරන ඕනෑම නියෝගයකට අනුකූලව කටයුතු කරන බවත් ආණ්ඩුව ප්‍රකාශ කර තිබේ.
පාර්ලිමේන්තුව යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කටයුතු කිරීමට පෙර, පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බලනු ඇතැයි අපේක්ෂා කෙරේ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart