August 23, 2026

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය අතරතුර ඉන්දීය ආරම්භක පිතිකරු යශස්වි ජයිස්වාල් සහ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ.

ලකුණු 45ක් ලබා සිටි ජයිස්වාල්ව අසිත ප්‍රනාන්දු විසින් දවාගැනීමෙන් අනතුරුව, ඔහු ක්‍රීඩාගාරය දෙසට ගමන් කරද්දී අසිත දවාගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබේ.

අසිතගේ ප්‍රකාශයට ජයිස්වාල් ද වහාම ප්‍රතිචාර දැක්වීමත් සමග දෙදෙනා අතර මුහුණට මුහුණලා දැඩි වචන හුවමාරුවක් සිදුවූ අතර, පසුව තත්ත්වය සමහන් විය.

ඉන්දීය ඉනිමේ කඩාවැටීම ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් උත්සාහ කරන අවස්ථාවක සිදුවූ මෙම සිදුවීමත් සමග තරගයේ උණුසුම් බව තවත් වැඩිවිය.