
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් ප්රකාශ කර ඇත්තේ, කච්චතිව් දූපත ශ්රී ලංකාවෙන් ලබාගැනීමට වත්මන් භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම්, ලෝක් සභා මැතිවරණයෙන් පසු පිහිටුවන නව ආණ්ඩුව එය කරනු ඇති බවයි.
රාමනාතපුරම් හි පැවති ධීවර සමුළුවක් අමතමින් එම්.කේ. ස්ටාලින් කියාසිටියේ, ඉන්දීය ධීවරයින්ට දිගින් දිගටම සිදුවන බව කියන ප්රහාර, ඔවුන් අත්අඩංගුවට ගැනීම් සහ ශ්රී ලංකාව විසින් බෝට්ටු රාජසන්තක කිරීම සඳහා ඇති එකම විසඳුම දිවයින යළි අත්පත් කර ගැනීම බවයි.
“අපගේ සියලු දේශපාලන ප්රයත්නයන් එය ඉලක්ක කරගනු ඇත” යනුවෙන් ඔහු පැවසීය.
2020 වසරේ සිට ශ්රී ලංකා නාවික හමුදාව තමිල්නාඩු ධීවරයන්ට 48 වතාවක් පහර දී ඔවුන්ගෙන් 619 දෙනෙකු අත්අඩංගුවට ගෙන යාත්රා 83 ක් රාජසන්තක කර ඇති බවට ස්ටාලින් චෝදනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart