
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙටා සමාගමේ සමාජ මාධ්‍ය ජාල මගින් ළමයින්ට සිදුවන බව කියන හානිය වෙනුවෙන් එම සමාගම වගකිව යුතු බවට තීන්දු කිරීමට අදාළ නඩු විභාගය කැලිෆෝනියා හිදී ආරම්භ වීමට නියමිතය.
එක්සත් ජනපදයේ කැලිෆෝනියා, කොලරාඩෝ, කෙන්ටකි සහ නිව් ජර්සි යන ප්‍රාන්ත හතර පෙන්වා දෙන්නේ ඉන්ස්ටග්‍රෑම් (Instagram) සහ ෆේස්බුක් (Facebook) හි ආරක්ෂාව පිළිබඳව සමාගම මහජනතාව නොමඟ යවා ඇති බවත්, බාලවයස්කරුවන් මෙම යෙදුම්වලට ඇබ්බැහි වන ආකාරයෙන් ඒවා සැලසුම් කර ඇති බවත්ය.
මීට අමතරව, දෙමාපියන්ගේ අනුමැතියකින් තොරව වයස අවුරුදු 13 ට අඩු ළමුන්ගේ දත්ත නිතිපතා රැස් කිරීම මගින් මෙටා සමාගම පෞද්ගලිකත්ව නීති උල්ලංඝනය කරන බවට ද එම ප්‍රාන්ත වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයන් චෝදනා කරයි.
මෙම නඩුව හරහා අදාළ ප්‍රාන්ත මගින් ඇමරිකානු ඩොලර් බිලියන 200 කට ආසන්න වන්දියක් මෙන්ම මෙටා සමාගමේ ප්‍රධාන සමාජ මාධ්‍ය ජාලයන්හි සැලකිය යුතු වෙනස්කම් සිදුකරන ලෙසට ද ඉල්ලා සිටියි.
තම යෙදුම් තුළ ඇබ්බැහි වන සුළු විශේෂාංග ඇතුළත් කළ බවට චෝදනා කරමින් 2023 වසරේදී මෙම තාක්ෂණික දැවැන්තයාට එරෙහිව නඩු පැවරූ ප්‍රාන්ත 29 කින් යුත් සන්ධානයට මෙම ප්‍රාන්ත හතර ද ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart