August 18, 2026

ශ්‍රී ලාංකීය ව්‍යවසායකත්වය උඩු යටිකුරු කරන සන්නාමයකට හිමිකම් කියන ceylon green life plantation පුද්ගලික සමාගම ජාතික ආර්ථිකයේ සුවිශේෂී සංධිස්ථානයක් අද දවසේ කොළඹ Taj samudra හෝටල් පරිශ්‍රයේදී සනිටුහන් කළේය.

අද්විතීය කෘෂි සන්නාමයක් ලෙස ceyloan green life plantation ආයතනය එකවර ඉන්දියානු ආයෝජකයන් 30 දෙනෙකුට ආසන්න ප්‍රමාණයකට ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ ඇතුළු අනෙකුත් කර්මාන්ත ක්ෂේත්‍රයන් සඳහා ආයෝජන අවස්ථාවන් හඳුන්වා දෙමින් ආයෝජන සමුළුවක් සංවිධානය කරනු ලැබූ අතර එහිදී දිවි පාර්ශවීය සහයෝගීතාවය මත CGLP සමූහය විසින් හඳුනාගත් නව ආයෝජන අවස්ථා පිළිබඳව පුරෝකථනයක් සිදුකරනු ලැබීය.

එම ආයෝජන අවස්ථාවන් අතර කෘෂිකර්මාන්තය සංචාරක ක්ෂේත්‍රය අධ්‍යාපන ක්ෂේත්‍රය, තාක්ෂණික උපකරණ හා දැනුම ,සංචාරක ප්‍රවාහන ක්ෂේත්‍රය ,ආහාර විජලන නිෂ්පාදන ක්ෂේත්‍රය ,භාණ්ඩ හා සේවා ප්‍රවාහනය යන සංවර්ධිත ආයෝජන ව්‍යාපෘති සමූහයක් විදේශීය ආයෝජකයින් වෙත හඳුන්වා දෙනු ලැබිණි.

දෙරටේ පවතින මිත්‍රත්වය තවදුරටත් සවි බල ගැන්වීමේ අරමුණින් මෙම සමුළුව පැවැත්වූ අතර ඒ සඳහා ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාව සහ ආයෝජකයින් නියෝජනය කරමින් විශේෂිත දූත පිරිසක්ද සහභාගී වනුු ලැබිණි.

එසේම CGLP සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීන් පිරිසක්ද මේ සඳහා සහභාගී වූ අතර, නව දැක්මක් ඇති ආර්ථික ප්‍රතිපත්තීන් විෂයෙහි මෙම සමුළුව ජාතික ආර්ථිකයට කදිම පිටුවහලක් මෙන්ම කෘෂිකර්මාන්තයේ ඉදිරි දියුණුවටත් ඩොලර් හිඟයට කදිම විසදුමක් ලෙස විදේශ විනිමය ලබා ගැනීමේ ප්‍රධානතම මාර්ගයක් වනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.