
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යූටියුබ් (YouTube) සමාජ මාධ්‍ය ජාලය එම වේදිකාව ඔස්සේ විකාශය කෙරෙන වීඩියෝ සඳහා පොදු නැරඹුම් වාර (Public views) ගණනය කරන ආකාරය වෙනස් කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව දීර්ඝ වීඩියෝ (Long-form videos), කෙටි වීඩියෝ (Shorts) සහ සජීවී විකාශනයන් (Live streams) යන සියල්ල සඳහා මින් ඉදිරියට තනි නරඹුම් වාර මිනුම් සම්මතයක් භාවිත කිරීමට නියමිතය.
නව ක්‍රමවේදය යටතේ, වීඩියෝ වර්ගය කුමක් වුවද යම් වීඩියෝවක් ප්‍රචාරය වීම හෝ නැවත ප්‍රචාරය වීම (Replay) ආරම්භ වන සෑම අවස්ථාවකදීම එය එක් නැරඹුම් වාරයක් ලෙස සැලකේ.
ඉකුත් වසරේ දී ‘Shorts’ වීඩියෝ සඳහා හඳුන්වා දුන් යාවත්කාලීන කිරීම්වලට අනුගත වෙමින් සිදු කළ මෙම වෙනස මගින්, නිර්මාණකරුවන්ට යූටියුබ් වේදිකාව ඔස්සේ ලැබෙන සමස්ත ජනප්‍රියතාව සහ ප්‍රේක්ෂක ආකර්ෂණය වඩාත් නිවැරදිව පිළිඹිඹු වන බව එම සමාගම පවසයි.
මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක වීමත් සමග නිර්මාණකරුවන්ගේ ඉදිරි පොදු නැරඹුම් වාර ගණන ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම යාවත්කාලීන වූ දත්ත, YouTube Studio Analytics අංශයෙන් මෙන්ම පොදු නැරඹුම් වාර ප්‍රදර්ශනය වන අනෙකුත් සියලුම ස්ථානයන්ගෙන්ද දැකගත හැකි වනු ඇත.
කෙසේ වෙතත්, මෙම වෙනස්කම් හේතුවෙන් නිර්මාණකරුවන්ගේ ඉපැයීම්වලට හෝ ‘යූටියුබ් පාට්නර්’ වැඩසටහනට සුදුසුකම් ලැබීමේ පූර්ව අවශ්‍යතාවලට කිසිදු බලපෑමක් සිදු නොවන බව යූටියුබ් සමාගම වැඩිදුරටත් අවධාරණය කරයි.
Shorts, දීර්ඝ වීඩියෝ සහ සජීවී විකාශයන් යන සියල්ලටම එකම නැරඹුම් ගණනය කිරීමේ ක්‍රමවේදයක් පැවතීම මගින් නිර්මාණකරුවන්ට තමන්ගේ ප්‍රේක්ෂක පදනම මැන බැලීමටත්, වෙළඳ දැන්වීම්කරුවන්, සහකරුවන් සහ අනුග්‍රාහකයින් වෙත තම ජනප්‍රියතාව සාර්ථකව පෙන්වා දීමටත් වඩාත් ස්ථාවර හැකියාවක් ලැබෙනු ඇත.
මෙම වෙනස පොදු නැරඹුම් වාර වාර්තා කරන ආකාරයට පමණක් අදාළ වන අතර, ගණනය වන නැරඹුම් වාර සංඛ්‍යාව ඉහළ ගිය පමණින් නිර්මාණකරුවන්ට අමතර ආදායමක් හිමි නොවන බවද යූටියුබ් ආයතනය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart