
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට තුළ වාහන ආනයන සීමාවන් ලිහිල් කිරීමට රජය අඛණ්ඩව කටයුතු කරමින් සිටින බැවින්, ශ්‍රී ලාංකිකයන්ට ඉක්මනින්ම තමන් කැමති වාහනයක් හිමිකර ගැනීමට සහ භාවිත කිරීමට නිදහස ලැබෙනු ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පැවැසීය.
ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද Motor Rally 2026 වාහන ප්‍රදර්ශන පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, පුරවැසියන්ට තමන්ගේම වාහනයකින් පහසුවෙන් ගමන් බිමන් යෑමට සහ දෛනික අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකි රටක් නිර්මාණය කිරීමට රජය කැපවී සිටින බවයි.
මීට වසර දෙකකට පෙර වාහන ආනයනය සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබූ බවත්, රට තුළට වාහන ගෙනඒමේ කිසිදු හැකියාවක් නොතිබූ බවත් අමාත්‍ය විජිත හේරත් සිහිපත් කළේය.
කෙටි කාලයක් තුළ නැවත ආනයන කටයුතු ආරම්භ කිරීමට රජයට හැකි වූ බවත්, අද වන විට ඕනෑම වර්ගයක වාහනයක් සීමාවකින් තොරව ආනයනය කිරීමේ අවස්ථාව පවතින බවත් ඔහු පෙන්වාදුන්නේය.
මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව යම් යම් සීමාවන් පනවා ඇති බව පිළිගත් අමාත්‍යවරයා, එම සීමාවන් කෙටිකාලීන වන අතර ඉදිරියේදී ඒවා ඉවත් කරන බව ද අවධාරණය කළේය.
සීමාසහිත ක්‍රමවේදයක් යටතේ හෝ නැවත ආනයන කටයුතු ආරම්භ කිරීමට හැකි වූයේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකි වූ නිසා බව අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.
“ඔබගේ සහයෝගය ඇතිව අපි ආර්ථිකය ශක්තිමත් කර තවදුරටත් ඉදිරියට ගෙන යනවා. ඒ අනුව නුදුරු අනාගතයේදීම ජනතාවට තමන් කැමති වාහනයක් භාවිතා කිරීමට හැකි වේවි” යැයිද ඔහු පැවසීය.
ජනතාවට සතුටින් ජීවත් වීමට සහ නිදහසේ ගමන් බිමන් යාමට අවශ්‍ය ඉඩකඩ සලසා දීම සඳහා පුළුල් ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන නමුත්, එම වෙනස්කම් සිදුකිරීමට රජය කැපවී සිටින බව අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart