
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් මතුව තිබියදී, එම වයස් සීමාව දීර්ඝ කිරීමට අදාළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මුල වන විට පාර්ලිමේන්තුවේදී සම්මත කර නීතියක් බවට පත්කරන බව රජය ප්‍රකාශ කරයි.
සෞඛ්‍ය අමාත්‍ය සහ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස ජනමාධ්‍යවේදීන් හමුවේ පැවසුවේ, මෙම පනත් කෙටුම්පත අගෝස්තු 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
එය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, යෝජිත ව්‍යවස්ථාදායකයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකරමින් අභියෝගයට ලක්කිරීමට මහජනතාවට අවස්ථාව හිමිවනු ඇත.
එලෙස ඉදිරිපත් වන පෙත්සම් සලකා බැලීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය පාර්ලිමේන්තුව වෙත දැනුම්දෙනු ඇති බව ඇමැති ජයතිස්ස සඳහන් කළේය.
“මෙම පනත් කෙටුම්පත සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් පමණක් ප්‍රමාණවත්ද, නැතහොත් ජනමත විචාරණයකින්ද අනුමත විය යුතුද යන්න ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ඇතැයි” ඔහු පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දුන් වහාම, පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට රජය සැලසුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් කියාසිටියේය.
කෙසේවෙතත්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීමට ගෙන ඇති මෙම යෝජනාවට මහා නායක හිමිවරුන්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම අන්තර්ජාතික සංවිධාන කිහිපයක්ද දැඩි විරෝධයක් එල්ල කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart