
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 25 දෙනකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවේ විත්තියේ සාක්ෂි විමසීම හෙට (17) ආරම්භ කරන බව අධිකරණය දැනුම් දුන්නේය. පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන් වීමෙන් පසු, පැමිණිල්ල විසින් ප්‍රබල නඩුවක් ඉදිරිපත් කර ඇතැයි තීරණය කළ විනිසුරු මඬුල්ල විත්තියේ ස්ථාවරය ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.
නවරත්න මාරසිංහ (සභාපති), සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල මේ දැනුම් දීම කළේය.
අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 200 (1) වගන්තිය යටතේ විත්තිවාචක ඉදිරිපත් කරන ලෙස නියෝග කළ අවස්ථාවක විත්තිකරුවන්ට සාක්ෂි කූඩුවට නැඟ හරස් ප්‍රශ්නවලට භාජනය වෙමින් සාක්ෂි දීමට, විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කිරීමට, සාක්ෂිකරුවන් කැඳවීමට හෝ නිශ්ශබ්දව සිටීමට අවස්ථාව ඇත.
ඒ අනුව දැනට මේ නඩුවේ සැකකරුවන් ලෙස නම් කර සිටින 24 දෙනාගෙන් නීතිඥ නියෝජනයක් නැති චුදිතයකු වන 6 වැනි විත්තිකාර රිස්කාන් නිහඬව සිටින බවත්, ඉතිරි විත්තිකරුවන් 23 දෙනා විත්ති කූඩුවේ සිට ප්‍රකාශ කරන බව දන්වා සිටියේය.
විත්තිකරුවන් සාක්ෂි කූඩුවේ සිට සාක්ෂි නොදෙන අවස්ථාවක පැමිණිල්ලට ඔවුන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් හරස් ප්‍රශ්න විමසීමේ හැකියාවක් නැත. එහෙත් සාක්ෂි ආඥා පනතේ 165 වැනි වගන්තිය යටතේ අධිකරණයට යම් යම් පැහැදිලි කිරීම් කරගැනීම සඳහා චුදිතයන්ගෙන් ප්‍රශ්න විමසීමේ හැකියාව තිබේ.
එමෙන්ම සමහර විත්තිකරුවන් තමන් වෙනුවෙන් සාක්ෂිකරුවන් ඉදිරිපත් කරන බව පැවසීය.
විත්තියේ නඩුව ආරම්භ වීමෙන් පසු සාක්ෂිකරුවන් ඉදිරිපත් කරන චුදිතයන් සිය සාක්ෂිකරුවන්ගේ ලේඛනයක් අධිකරණයට දැනුම් දීමට නියමිතය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ හරිප්‍රියා ජයසුන්දර, අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ සුදර්ශන ද සිල්වා ඇතුළු නීතිඥ මඬුල්ලක් පැමිණිල්ල මෙහෙයවති.
පැමිණිල්ලේ සාක්ෂි විභාගය 2023 ඔක්තෝබර් 10 දින ආරම්භ කෙරුණු අතර, දින 250කට ආසන්න කාලයක් විත්තිකරුවන්ට එරෙහිව සාක්ෂි විමසීම සිදුවිය.
පැමිණිල්ලේ සාක්ෂි විමසීමේදී සහරාන්ගේ මරාගෙන මැරෙන කණ්ඩායමේ සාමාජිකයෙක් රජයේ සාක්ෂිකරුවකු වෙමින් ප්‍රබල තොරතුරු රැසක් අනාවරණය කළේය.
(සිළුමිණ)

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart