
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජර්මනියේ ජූලියන් වේබර් සෙනසුරාදා (15) පැවැති යුරෝපීය මලල ක්‍රීඩා තරඟාවලියකදී මීටර් 90.40 ක දැවැන්ත හෙල්ල විසිකිරීමක් වාර්තා කිරීමත් සමඟ, ශ්‍රී ලංකාවේ නැගීඑන හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ ලෝක අංක 1 ශ්‍රේණිගත කිරීම අභියෝගයට ලක්වීමේ තත්ත්වයක් මතුව තිබේ.
පිරිමි හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල දැනට 2 වන ස්ථානයේ පසුවන වේබර්, රුමේෂ්ගේ ආසන්නතම අභියෝගකරුවා වේ.
ලෝක මලල ක්‍රීඩා සංගමයේ ඉදිරි ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කිරීමේදී වේබර්ගේ මෙම මීටර් 90.40 ක දක්ෂතාවය ඔහුගේ ප්‍රසාද ලකුණු ඉහළ නැංවීමට හේතුවිය හැකි අතර, එය රුමේෂ්ගේ ප්‍රථම ස්ථානයට බලපෑමක් එල්ල කළ හැකිය.
කෙසේවෙතත්, ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම් තීරණය වන්නේ ක්‍රීඩකයෙකුගේ දීර්ඝතම විසිකිරීම මත පමණක් නොවේ. සුදුසුකම් ලත් තරඟවලින් ලබන දක්ෂතා සහ ස්ථානගතවීම් සඳහා ලැබෙන ලකුණු ද ඊට සැලකිල්ලට ගැනෙන බැවින්, වේබර් අංක 1 ස්ථානයට පැමිණීම නිල ලකුණු ගණනය කිරීම මත රඳාපවතී.
දෙදෙනා අතර මෙම තියුණු තරඟකාරීත්වය අගෝස්තු 21 වැනිදා ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝසාන් ඩයමන්ඩ් ලීග් තරඟාවලියේදී තවදුරටත් දැකගත හැකි වනු ඇත. එහිදී රුමේෂ් සහ වේබර් එකිනෙකාට එරෙහිව තරඟ වැදීමට නියමිතය.
එහිදී වේබර්ට වඩා ඉදිරියෙන් තරඟය අවසන් කිරීමට රුමේෂ්ට හැකි වුවහොත්, තම ලෝක අංක 1 ස්ථානය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔහුට විශිෂ්ට අවස්ථාවක් හිමිවනු ඇත.
රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළටම පැමිණීම ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර, ඉදිරි ලෝසාන් තරඟාවලිය මෙම ලෝක අංක 1 ස්ථානය සඳහා වන සටනේදී තීරණාත්මක වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart