
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විල්ස් රියල්ටර්ස් (Wills Realtors (Pvt) Ltd) සමාගම විසින් සංවිධානය කරන ලද විශේෂ මුල්ගල තැබීමේ උත්සවය සමඟින්, බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ ඉදිවන ‘96 Legends Square’ සුඛෝපභෝගී නාගරික නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකාව 1996 වසරේදී ලබාගත් ඓතිහාසික එක්දින ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණය තේමා කරගනිමින් මෙම තට්ටු 46කින් සමන්විත දැවැන්ත නවාසික ගොඩනැගිල්ල නිර්මාණය කර ඇත.
ලෝක කුසලානය දිනාදුන් ජාතික කණ්ඩායමට උපහාරයක් ලෙස ඉදිවන මෙම ගොඩනැගිල්ල සඳහා යොදන පයිල් (piles) සංඛ්‍යාව 96ක් වීම විශේෂත්වයක් වන අතර, මෙහි සෑම නවාසික මහලක්ම 1996 ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකයෙකුගේ නමින් නම්කිරීමට නියමිතය.
1996 ලෝක කුසලාන දිනූ ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග ඇතුළු එවකට කණ්ඩායම් සාමාජිකයෝ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර, විල්ස් රියල්ටර්ස් සමාගමේ නියෝජිතයන්, ව්‍යාපෘති උපදේශකයන්, නවාලෝක පයිලිං සහ ආදිත්‍ය ලංකා යන ඉදිකිරීම් සහකාර සමාගම්වල නියෝජිතයෝ ද ඊට සහභාගී වූහ.
කාමර දෙක, තුන, හතර සහ පෙන්ට්හවුස් (penthouses) අඩංගු වන පරිදි සකස් වන මෙම ගොඩනැගිලි සංකීර්ණය තුළ පිහිනුම් තටාක, ව්‍යායාම ශාලා, වහල මත දිවීමේ මංතීරු, උත්සව ශාලා, සුපිරි වෙළඳසැල් සහ ළමා ක්‍රීඩාංගණ ඇතුළු නවීන පහසුකම් රැසක් ඇතුළත් වේ.
බත්තරමුල්ල ප්‍රදේශයට අභිමානවත් නාගරික සංකේතයක් එක්කරමින්, ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශකතාවේ ස්වර්ණමය මතකය සුඛෝපභෝගී ජීවන රටාවකට එකතුකිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart