
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පළාත්සභා වල කටයුතු මෙහෙයවීමේ බලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
මන්ත්‍රීවරුන්ට පළාත් ආණ්ඩුකාරවරුන් සමග එක්ව කටයුතු කළහැකි වන පරිදි විශේෂ උපදේශක කාරක සභාවක් පත්කරන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ පළාත් ආණ්ඩුකාරවරු සහ ප්‍රධාන ලේකම්වරු සමඟ ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදීය.
පළාත් සභා ක්‍රමයේ පරිපාලන ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා තිබිණි.
“විශේෂයෙන්ම ලබන වසර අවසාන වනතුරු පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන නිසා මෙම පළාත් පාලන කටයුතුවලට සම්බන්ධවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් අවස්ථාවක් ලබාදිය යුතුයි. එහිදී ආණ්ඩුකාරවරයා සමඟ එකට වැඩ කළ හැකි වන පරිදි විශේෂ උපදේශක කාරක සභාවක් පත් කිරීමට ද අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම අධ්‍යාපනය, වෘත්තීය පුහුණු කටයුතු මෙන්ම ඒ ඒ පළාත්වල නව විශ්වවිද්‍යාල ආරම්භ කිරීම පිළිබඳව ද අවධානය යොමු කර තිබෙනවා.” යැයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart