August 13, 2026

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නම් ඉන්දියාව ඉදිරි ටෙස්ට් තරග 9න් 7ක්ම ජයග්‍රහණය කළ යුතුව තිබෙන පසුබිමක, ගාල්ලේදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ජ්‍යෙෂ්ඨයෙකු වන සුනිල් ගවස්කාර් අදහස් දක්වා තිබේ.

1983 ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායම ඇගයීමේ උත්සවයක් සඳහා දැනට සිංගප්පූරුවේ රැඳී සිටින ගවස්කාර් පවසන්නේ, ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ මව්බිමේදී මුහුණදීමට ඉතා අභියෝගාත්මක සහ ප්‍රබල කණ්ඩායමක් බැවින් මෙම තරග දෙකේ තරගාවලිය ඉන්දියාවට ලෙහෙසි එකක් නොවන බවයි.

එමෙන්ම ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ පවතින “සුපිරි තනි පුද්ගලයන්/තාරකාවන් වන්දනා කිරීමේ” (superstar culture) සංස්කෘතිය වහාම නතර කර, සමස්ත කණ්ඩායමක් ලෙස සිතීමට කාලය පැමිණ ඇති බව ඔහු අවධාරණය කරයි.

ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගාම්භීර්ද මීට පෙර පවසා තිබුණේ එක්කෙනකු හෝ දෙදෙනකු උඩ දැමීම නතර කර මුළු කණ්ඩායමටම එකසේ සැලකිය යුතු බවයි.

ඉන්දියාවට ශ්‍රී ලංකාව 2-0ක් ලෙස තරගාවලියෙන්ම පරාජය කිරීමේ (හැකියාව පවතින බව විශ්වාස කරන ගවාස්කාර්, ඒ සඳහා ක්‍රීඩකයන් පෞද්ගලික ප්‍රසිද්ධියට වඩා ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මුල්තැන දිය යුතු බව වැඩිදුරටත් පවසා ඇත.